Divaina - චෝදනා නැගී ඇති රියදුරු බලපත් ගිවිසුම ජුලි පළවැනිදාට පෙර අත්සන් තැබීමේ උත්සාහයක්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ජනිත සෙනෙවිරත්න
 
lisan135රියදුරු බලපත‍්‍රය මුද්‍රණයට අදාළ ගිවිසුම ලබන ජුලි මස පළමු වැනිදාට පෙර අත්සන් තැබීමට බලාපොරොත්තු වන බව ප‍්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ගාමිණී සෙනෙවිරත්න මහතා ‘දිවයින’ට පැවසීය.
 
 රටට විශාල පාඩුවක් සිදුවන බවට චෝදනා නැගී ඇති මේ යටතේ වසර දෙකක් හෝ ඊට පෙර රියදුරු බලපත‍්‍රය සඳහා නව ටෙන්ඩරයක් කැඳවන තුරු දැනට එය මුද්‍රණය කරන දකුණු අප‍්‍රිකානු සමාගම සමග සේවා ගිවිසුමක් අත්සන් කෙරේ.
 
 රුපියල් මිලියන නවදහසක් වටිනා අදාළ ආන්දෝලනාත්මක ගනුදෙනුවට අදාළව වසර විස්සකට වඩා පැරණි තාක්ෂණයක් භාවිත කිරීම, ඒ සඳහා වැය වන මුදල ඉතාම වැඩිවීම හා ඒවා දේශීයව සිදු කළ හැකිව තිබියදී එසේ සිදු නොකිරීම ආදී චෝදනා නගමින් රජයට අයත් තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂවරයකු ද පසුගියදා ඉල්ලා අස්විය.
 
 මේ අතර එම ගිවිසුම යටතේ රියදුරු බලපත‍්‍රයක් සඳහා රුපියල් දහස බැගින් අදාළ අප‍්‍රිකානු සමාගමට ගෙවීමට ප‍්‍රවාහන අමාත්‍යංශය කැමැත්ත පළකර ඇතත් තවමත් එම අප‍්‍රිකානු සමාගම ඊට කැමැත්ත පළකර නැතැයි ද ප‍්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.
 
 සාමාන්‍යයෙන් මෙවැනි චිපයක් සහිත කාඞ් පතක මිල ලෝක වෙළෙඳපොළේ මේ වන විට රුපියල් සියයක් පමණ වන අතර දැනට ජාතික හැඳුනුම්පත මුද්‍රණය කරන වසර දහයක කාලයක් පවතින කාඞ්පතක් සඳහා රජය වැය කරන්නේ රුපියල් හැත්තෑවක පමණ මුදලකි. එසේ තිබියදී දැනට නිකුත් කරන රියදුරු බලපත‍්‍රය සඳහා රජය එක කාඞ් පතකට රුපියල් 1340 ක් ගෙවනු ලබයි.
 
 2016 වසරේදී නිලවශයෙන් රජයට පවරාගත යුතු වූ මෙය විවිධ හේතු පවසමින් ප‍්‍රවාහන බලධාරීන් විසින් ප‍්‍රමාද කරන ලදී. මෙය රජයට පවරාගෙන රජය මගින් මුද්‍රණ කටයුතු සිදු කරන ලෙස රාජ්‍ය ගිණුම් කාරක සභාව තුන්වරක්ම නියෝග කරන ලදී. එසේ පවරාගැනීම ප‍්‍රමාද වීමෙන් රජයට රුපියල් මිලියන පන්දහසක පාඩුවක් මේ වන විට සිදුව තිබෙන බව විගණකාධිපති වාර්තා මගින්ද පෙන්වාදී තිබේ.

 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles