Divaina - සහරාන් සහ ජමාත් සංවිධානය ගැන හිටපු පොලිස්පති සී. අයි. ඞී.යට යොමු කළ ලිපිවල අත්සන්වල පරස්පරතාවක්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

fassku- හිටපු පොලිස්පතිතුමාගෙන් නියෝග ලැබුණේ වැඩිදුර වාර්තා කැඳවීමට පමණයි
 
 - වැඩිදුර කි‍්‍රයාමාර්ග ගන්න කියලා නැහැ - ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සමන් වීරසිංහ
 
 - පාස්කු දින ප‍්‍රහාරය සොයා බලන ජනාධිපති කොමිසම
 
 සහරාන් සහ ජාතික තව්හිද් ජමාත් සංවිධානය පිළිබඳව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලද ලිපිවල ඇති පොලිස්පතිවරයාගේ අත්සනේ අකුරු සහ ඊට ඉහතින් යොදා ඇති සටහනේ අකුරු නොගැලපෙන බව මෙන්ම අත්සන සහ සටහන් යෙදීමට යොදා ගත් පෑනේ තීන්තවල වර්ණයේ පවා වෙනස්කම් පවතින බව පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේදී ඊයේ (01 දා* හෙළි විය.
 
 එම කොමිෂන් සභාව ඊයේ දිනයේදී අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැුස් වූ අතර සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා, විශ‍්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා, විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු මහතා සහ අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් මංගලිකා අධිකාරි මහත්මිය ද සහභාගි වූහ.
 
 ඊයේ දිනයේදී කොමිෂන් සභාව හමුවේ දෙවන දිනටත් සාක්ෂි ලබා දෙන ලද්දේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍ර. පො. ප. සමන් වීරසිංහ මහතාය.
 
 එහිදී රජයේ අධිනීතිඥවරයා
 
 සාක්ෂිකරුගෙන් පළමුවෙන් විමසා සිටියේ සාක්ෂිකරු කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද ලිපි ගොනු මොනවාද යන්නයි.
 
 සාක්ෂිකරු - සහරාන් හෂිම් විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා ප‍්‍රචාරය කර ඇති වීඩියෝ පට පිළිබඳ තොරතුරු
 
 රජයේ අධිනීතිඥ මහතා - සහරාන් හෂින් විසින් 2018 ජනවාරි 06 වන දින නිකුත් කර ඇති වීඩියෝ දර්ශනය පිළිබඳව විමර්ශනය කළාද? එහි අන්තර්ගත වන්නේ කුමක්ද?
 
 සාක්ෂිකරු - එම වීඩියෝ පටයේ ඉස්ලාම් රාජ්‍ය සංකල්පය සහ මෙරට මුස්ලිම් පක්ෂ පිළිබඳ විවේචනයක් එහි සඳහන් වනවා. ඒ පිළිබඳව අප කොට්ඨාසය මගින් පරීක්ෂා කිරීමෙන් පසුව නියෝජ්‍ය පොලිස්පතිතුමා වෙත 2018/02/01 දින වාර්තාවක් ඉදිරිපත් කළා.
 
 රජයේ අධිනීතිඥ - එම වීඩියෝ පටයේ විමර්ශනය කළේ කුමක්ද?
 
 සාක්ෂිකරු - මෙම සංයුක්ත තැටියේ තිබෙන දර්ශනය සහ සහරාන් පිළිබඳව කළ විමර්ශනය ඉදිරිපත් කළා.
 
 සහරාන් 2018/01/05 දින ෆේස්බුක් ගිණුම හරහා ඡුන්දය ප‍්‍රකාශ නොකළ යුත්තේ ඇයි කියන කාරණය පිළිබඳවත් සඳහන් වනවා.
 
 මෙබඳු දැඩි මතධාරී අදහස් මගින් මුස්ලිම් තරුණයන් අනාගතයේදී ඔවුන් වටා එක්වීම මගින් අනාගතයේදී ජාතීන් අතර ගැටුම්කාරී තත්ත්වයක් පවා ඇති විය හැකි බව සඳහන් වෙනවා.
 
 රජයේ අධිනීතිඥ - එහි තවත් මොනවාද සඳහන් වන්නේ.
 
 සාක්ෂිකරු - ෆේස්බුක් ආයතනය වෙත සහරාන්ගේ ගිණුම තහනම් කරන ලෙස ඉල්ලා තිබෙනවා.
 
 රජයේ අධිනීතිඥ - පිටු 51 කින් යුතු 3 වන විමර්ශන
 
 ගොනුවේ සඳහන් වන්නේ ක-ුමක්ද?
 
 සාක්ෂිකරු - මෙම ගොනුවට 2018/01/02 වන දින පොලිස්පතිතුමා විසින් අත්සන් කර තිබෙනවා.
 
 සහරාන් විසින් ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පිළිබඳව කර ඇති ප‍්‍රකාශයන් එහි සඳහන් වනවා. ඒ වගේම කුරානයේ ඉගැන්වීම් යනුවෙන් කර ඇති ප‍්‍රකාශයන් පිළිබඳවත් එහි සඳහන් වනවා.
 
 රජයේ අධිනීතිඥ - පොලිස්පතිතුමාට වාර්තා කීයක් යොමු කර තිිබෙනවාද?
 
 සාක්ෂිකරු - වාර්තා 3 ක් ඉදිරිපත් කර තිබෙනවා.
 
 රජයේ අධිනීතිඥ - ඒ කවදාද?
 
 සාක්ෂිකරු 2018/04/19, 2018/05/24 සහ 2018/09/18 යනාදී වල
 
 රජයේ අධිනීතිඥ මහතා - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිතුමාට දන්වා තිබෙන්නේ කුමක්ද?
 
 සාක්ෂිකරු මෙබඳු අන්තවාදී අදහස් මගින් අනාගතයේදී ජාතීන් අතර කලහකාරී තත්ත්වයක් ඇති විය හැකි බව. ඔහුගේ ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත‍්‍රයට අදාළව ලිපිනයක් සම්බන්ධයෙන් විමර්ශනය කර ඇති බව රිල්වාන් සහ සහරාන් කාත්තන්කුඩිවල ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් පසු පලා ගොස් ඇති බව තවදුරටත් සොයා බලා ප‍්‍රගතිය වාර්තා කරන බව.
 
 රජයේ අධිනීතිඥ - රිල්වාන් ගැන සඳහන් වන බව ඔබ සඳහන් කළා.
 
 සාක්ෂිකරු කාත්තන්කුඩි ප‍්‍රදේශයේ ඇති වූ ගැටුමින් පසු මොහුන් පළා ගොස් ඇති බැවින් ඔහු පිළිබඳවත් සොයන බව.
 
 රජයේ අධිනීතිඥ - පොලිස්පතිතුමා වෙත කුමක්ද වාර්තා කළේ.
 
 සාක්ෂිකරු - 2018/04/05 සහ මැයි 19 යන දිනවල වීඩියෝ දර්ශනවල අන්තර්ගතය ගැන නීතිපතිතුමා වෙත ගොනුවක් යොමු කළ බව. අධිකරණය වෙත කරුණු වාර්තා කර විවෘත වරෙන්තුවක් ලබා ගෙන ඇති බව. විදුලි සංදේශ නියාමන කොමිසමට සහරාන්ගේ ෆේස්බුක් ගිණුම් පිළිබඳව දැනුම් දී ඇති බව සහරාන් සැඟවී සිටින තැන පිළිබඳව තවදුරටත් සොයා බලන බව.
 
 රජයේ අධිනීතිඥ - ඞ 34 ක්‍ ලිපි ගොනුවේ සඳහන් වන්නේ කුමක්ද?
 
 සාක්ෂිකරු - වීඩියෝ දර්ශනවල අන්තර්ගතය සහ නීතිමය පියවර ගැනීම පිළිබඳව.
 
 කොමිසමේ විනිසුරුතුමා විසින් යොමු කළ පැනය
 
 එම වාර්තාවල පොලිස්පතිතුමා වැඩිදුර කි‍්‍රයාමාර්ග ගන්න කියලා සඳහන් කරලා තිබෙනවාද?
 
 සාක්ෂිකරු - වැඩිදුර වාර්තා කැඳවීමක් පමණයි. වැඩිදුර කි‍්‍රයාමාර්ග ගන්න කියලා නැහැ.
 
 රජයේ අධිනීතිඥ - සහරාන් ගැන ගන්න පියවර කුමක්ද?
 
 සාක්ෂිකරු - විවෘත වරෙන්තුවක් අරන් තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් බොහෝ වාරයක් යොදවා තිබෙනවා.
 
 විනිසුරුතුමා - නීතිපති දෙපාර්තමේන්තුව ත‍්‍රස්ත විමර්ශන කටයුතුවලට අදාළව පත් කළ නිලධාරියකු සිටි බව දන්නවාද?
 
 සාක්ෂිකරු - ඔව්.
 
 රජයේ අධිනීතිඥ - ඔහු දැනුවත් කර ඕනෑම විටකදී හමුවිය හැකියි නේද?
 
 සාක්ෂිකරු - පෞද්ගලිකව හමු වී තිබුණේ නැහැ.
 
 විනිසුරුතුමා - ඔහුගේ නම දන්නවාද?
 
 සාක්ෂිකරු - අසාද් නවායි මහතා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා
 
 රජයේ අධිනීතිඥ - ඞ-38-්-1 වාර්තාවේ පොලිස්පති විමර්ශනය කරන්න කියලා සඳහන් කරලා තිබෙනවාද? දිනය කවදාද?
 
 සාක්ෂිකරු - දිනය පැහැදිලි නැහැ.
 
 රජයේ අධිනීතිඥ - මෙම බුද්ධි තොරතුරේ අවසාන ෙඡ්දයේ සඳහන් වන්නේ කුමක්ද?
 
 සාක්ෂිකරු - මුස්ලිම් තරුණයන් යම් කලහකාරී කටයුත්තක් සඳහා පෙළඹ වීමට කටයුතු කර මොහුව අත්අඩංගුවට ගන්න කටයුතු කරන්න කියලා.
 
 රජයේ අධිනීතිඥ - එම වාර්තාව මගින් කුමක්ද දන්වා තිබෙන්නේ.
 
 සාක්ෂිකරු - මොහුගේ වීඩියෝ පටවල සඳහන් වන කරුණු නිසා ඇති වන අනාගත අනතුර ගැන. මොහුගේ ලිපිනයන් සොයා බැලූවත් මොහුව සොයා ගැනීමට නොහැකි වූ බව. ඔහුගේ බිරිඳගෙන් ප‍්‍රශ්න කළ බව. මොහුගේ විදේශ ගමන් තහනම් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව.
 
 එරික් ගාමිණී ජිනපි‍්‍රය

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles