Divaina - කිරි ගවයින් ගෙන ඒමේ ව්‍යාපෘතිය විශාල වංචාවක් - නාමල් කරුණාරත්න

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p7 2ඔස්ටේ‍්‍රලියානු පුද්ගලික  සමාගමක් හරහා කිරි ගවයන් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය තුළ අති විශාල වංචාවක් සිදු වෙමින් පවතින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඊයේ (01 වැනිදා* රජයට චෝදනා කර සිටියේය.

පසුගිය ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව කිරි ගවයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා එකම සමාගම තෝරාගැනීමේ රහස කුමක්ද යන්න වත්මන් රජය වහා රටට හෙළි කළ යුතු බවත් හෙතෙම පැවසීය.

මෙම එළදෙනුන් රෝග සහිත බව එංගලන්තයේ පර්යේෂණාගාරයක් තහවුරු කර ඇතැයි ද ඔවුන් මෙරටට ගෙන්වීමේ දී නිරෝධායන ක‍්‍රමවේද අනුගමනය කර නැතැයි ද කරුණාරත්න මහතා තවදුරටත් කියා සිටියේය.

මෙම කිරි ගවයන් ගෙන්වූයේ තාක්ෂණික අනුදැනුම මත නොව දේශපාලන අධිකාරියේ වුවමනාව මත බවත් මේ හරහා අති විශාල මුදලක් රටට අහිමි වී ඇති බවත් හෙතෙම පැවසීය.

කිරිගවයන් ආනයනය කළ යුත්තේ පිළිගත් විද්‍යාත්මක ක‍්‍රමවේදයකට අනුව බවත් සඳහන් කළ හෙතෙම රුපියල් එක් ලක්ෂ විසි දහසක් පමණ වන

ගවයෙකුගේ සැබෑ වටිනාකම රුපියල් පන් ලක්ෂ විසිදහක දක්වා මෙරටට ගෙන්වීමේ දී වෙනස් වී ඇති බවත් හෙතෙම අනාවරණය කළේය.

මීට ඉහත ආනයනය කළ කිරි ගවයින් මිලට ගත් ගොවීන්ට සිදු වූ පාඩුව වෙනුවෙන් මේ වන තෙක් වන්දි මුදල් ගෙවා නැතැයි ද නාමල් කරුණාරත්න මහතා කීවේය.

ඔස්ටේ‍්‍රලියාව මෙරට කිරි කර්මාන්තය විනාශ කිරීමට සූදානම් වන බවට සැකයක් මේ සියලූ කරුණු කාරණාවලින් පෙනී යන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

නාමල් කරුණාරත්න මහතා ඊයේ ( 01 වැනිදා * එම අදහස් පළ කළේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

සිරිමන්ත රත්නසේකර
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles