Divaina - ගැසට් පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද නියෝගය අද

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

court1 1ලබන 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ ගැසට් නිවේදනය හා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබාදීම හෝ නොදීම පිළිබඳ නියෝගය අද (02 දා) පස්වරු 3.00 ට නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (01 දා) පස්වරුවේ තීරණය කළේය.

එම පෙත්සම් සලකා බැලීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලූවිහාරේ, සිසිර ද ආබෲ, ප‍්‍රියන්ත ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු ම`ඩුල්ල හමුවේදී 10 වන දිනටත් ඊයේ (01 දා) පස්වරු 5.00 දක්වා සිදු කෙරිණි.

ඊයේ පෙරවරු 10.00 සිට පස්වරු 3.45 පමණ වනතුරුම පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එම්. ඒ. සුමන්තිරන් මහතා පිළිතුරු දේශනය පැවැත්වූ අතර මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා එම සභාව වෙනුවෙන් පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ කරුණුවලට පිළිතුරු දේශනය පැවැත්විය.

ඒ. ජේ. ඒ. අබේනායක

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles