Divaina - ජාතික හැඳුනුම්පත් මුද්‍රණයට වැඩි මිලට කාඞ්පත් මිල දී ගැනීම ගැන සීඅයිඞී පරීක්‍ෂණයක්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

Idඅඩු මිල ගණන් ඉදිරිපත්ව තිබියදී ජාතික හැඳුනුම්පත් මුද්‍රණය සඳහා ඉහළ මිලට කාඞ්පත් මිලදී ගැනීමෙන් රජයට රුපියල් මිලියන සියයක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පසුගිය රජය සමයේ සිදු වූ බව කියන මේ මිලදී ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලැබුණු ලිඛිත පැමිණිල්ලකට අනුව එය අදාළ අංශවලට යොමු කිරීමෙන් පසු මෙම පරීක්ෂණ ආරම්භ වී තිබේ.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහා අදාළ කාඞ්පත් ලක්ෂ දහයක් මිලදී ගැනීමේදී දෙපාර්තමේන්තුව එතෙක් කාඞ්පත් මිලදී ගත් මිලට වඩා ඉතාම වැඩි මිලකට මිලදී ගැනීමෙන් මේ පාඩුව සිදුව තිබේ.

මේ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ සහ එවකට ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ සේවය කළ නිලධාරීන් කීපදෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනටමත් ප‍්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ජනිත සෙනෙවිරත්න
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles