Divaina - මුදල් මණ්ඩල සාමාජිකයෝ දෙදෙනෙක් ඉල්ලා අස්වෙති

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p1 6ශ‍්‍රී ලංකා මහ බැංකු මුදල් මණ්ඩලයේ සාමාජිකයින් වූ නිහාල් ෆොන්සේකා මහතා සහ ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.

මුදල් මණ්ඩලය යළි පිහිටුවීම සඳහා මෙම සාමාජිකයන් දෙදෙනා මුදල් මණ්ඩල සාමාජික ධුරවලින් ඉවත් වී ඇති බව ‘දිවයින‘ ට වාර්තා වේ. පෙරේදා (31) දින සිට බලපැවැත්වෙන පරිදි එම දෙදෙනා සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකයින් ලෙසින් නිහාල් ෆොන්සේකා මහතා 2016 ජූලි 27 දින ද, ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය 2019 ජූලි 29 වැනිදා ද පත්වීම් ලැබූහ. ඔවුන් මෙසේ ඉල්ලා අස් වී ඇත්තේ ධුර කාලය අවසන් වීමට පෙරය.

මේ වන විට මුදල් මණ්ඩලයේ සෙසු සාමාජිකයින් වශයෙන් මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඞී. ලක්ෂ්මන් (සභාපති), මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල (නිල සාමාජික) හා ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහත්වරුන් කටයුතු කරනු ලබන අතර මහ බැංකු මුදල් මණ්ඩලය සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles