Divaina - අල්ලස් කොමිසමට කැඳවා ප‍්‍රශ්න කිරීමේදී - ගෝඨාභයට මිලියන 200 ක් දුන් බවට සාක්ෂි දෙන්නැයි තර්ජනය කළා

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p1 3- ඇවන්ගාඞ් සභාපති දේශපාලන පලිගැනීම් කොමිසම හමුවේ පවසයි

පසුගිය රජය සමයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් තමා කැඳවා සිදු කළ ප‍්‍රශ්න කිරීමකදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 200 ක මුදලක් ලබාදුන් බවට සාක්ෂි දෙන ලෙස තමාට තර්ජනය කර සිටි බව ඇවන්ගාඞ් මෙරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඊයේ (01 දා)  පසුගිය රජය සමයේ සිදු වූ දේශපාලන පලිගැනීම් පරීක්ෂා කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.

එවකට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළේ දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය බව ද සේනාධිපති මහතා කොමිසමට කීවේය.

එසේ ගෝඨාභය රාජපක්ෂ මහතාට මුදල් ලබාදුන් බවට දිවුරුම් ප‍්‍රකාශයක් ලබා දෙන ලෙසට තමාගෙන් ඉල්ලා සිටි බව ද සේනාධිපති මහතා කොමිසම හමුවේ කියා සිටියේය.

තමා අල්ලස් කොමිසමට කැඳවා ප‍්‍රශ්න කළ විමර්ශන බලධාරියකු එසේ තමාට තර්ජනය කර දිවුරුම් ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස පවසා, තමාට කරන්න දෙයක් නොමැති බවත් ඉහළින් ලැබුණු උපදෙස් අනුව එසේ කරන බවත් තමාට පැවසූ බව ද නිශ්ශංක සේනාධිපති මහතා කොමිසම හමුවේ සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලදී සඳහන් කළේය.

‘මට කරන්න දෙයක් නෑ. දිල්රුක්ෂි මැඩම් කිව්වා’ කියලත් එම පොලිස් නිලධාරියා තමාට සඳහන් කළ බව ද සේනාධිපති මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කීවේය.

තමා මුලින් ප‍්‍රශ්න කිරීමට ලක් කළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් තමාව කිහිපවිටක් ප‍්‍රශ්න කිරීමෙන් පසුව එම ඇවන්ගාඞ් ගනුදෙනු නීත්‍යනුකූලව සිදු වී ඇති බව පවසමින් තවදුරටත් පැමිණීම අවශ්‍ය නොවන බවට දැනුම් දුන් බව ද සේනාධිපති මහතා කියා සිටියේය.

එහෙත් යහපාලන රජයේ හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා තමාට සහ ඇවන්ගාඞ් සමාගමට එරෙහිව දිගටම කෑ ගැසීමට පටන් ගත් බවත් ඒ අනුව තමා නැවත අල්ලස් කොමිසම හමුවට කැඳවූ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට මුදල් ලබාදුන් බවට දිවුරුම් ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස තමාට තර්ජනයක් සිදු වූයේ එසේ දෙවැනි අවස්ථාවේ එම කොමිසම හමුවට කැඳවා ප‍්‍රශ්න කිරීමේදී බවත් සේනාධිපති මහතා ඊයේ කොමිසම හමුවේ ප‍්‍රකාශ කළේය.

එහිදී තම සමාගමේ සියලූ ගිණුම් පොත්පත් ගෙන්වා පරීක්ෂා කළ බව ද මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ට ඇවන්ගාඞ් සමාගමෙන් මුදල් ලබාදී තිබේ ද යන්න ඔවුන් සෙවූ බව ද නිශ්ශංක සේනාධිපති මහතා කීවේය.

ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට තමා තඹ ශතයක්වත් ලබා දී නොමැති බවත් එසේම ඔවුන් තමාගෙන් කිසිම විටෙක මුදල් ඉල්ලා නොමැති බවත් නිශ්ශංක සේනාධිපති මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට රු. මිලියන 200 ක මුදලක් ගෝනියක දමා ලබාදුන් බවට දිවුරුම් ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස තමාට තර්ජනය කළත් තමා එය තරයේ ප‍්‍රතික්ෂේප කළ බව ද හෙතෙම කීවේය.

එවකට අල්ලස් කොමිසමට දේශපාලන බලපෑම් තිබුණු බවට අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය තමාට ලබාදුන් දුරකථන ඇමතුමකදී ප‍්‍රකාශ කළ බවත් නිශ්ශංක සේනාධිපති මහතා ඊයේ (01 දා) කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කීය.

පසුගිය රජයේ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම ඊයේ එහි සභාපති උපාලි අබේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැුස් විය.

සාක්ෂි විභාගය මෙහෙය වීම ජනාධිපති නීතිඥ කුවෙර ද සොයිසා මහතා විසින් සිදුකරන ලදී.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles