Divaina - කුවේට් සිට පැමිණි කොරෝනා ආසාදිතයා හෝමාගම මූලික රෝහලේදී මියයයි - මෙරට 11 වැනි කොරෝනා මරණය

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

death1කුවේට් රාජ්‍යයේ සිට පසුගියදා මෙරට පැමිණි 45 හැවිරිදි පුද්ගලයකු කොරෝනා වෛරස් ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසුව හෝමාගම මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01දා) උදෑසන මිය ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම කොරෝනා මරණයත් සමගම මෙතෙක් මෙරටින් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 11 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඉහත පුද්ගලයා මිය ගොස් තිබේ. කුවේට් රාජ්‍යයේ සිට පැමිණීමෙන් පසු කොරෝනා වෛරස් ආසාදනයට ගොදුරු වූ බව තහවුරු වී මිය ගිය දෙවැනි පුද්ගලයා ඊයේ මිය ගිය අය වන අතර, මෙයට පෙර ඉකුත් මැයි 25 වැනිදා කුවේට් රාජ්‍යයේ සිට පැමිණි 52 හැවිරිදි කාන්තාවක ද කොරෝනා ආසාදනය හේතුවෙන් මිය ගොස් තිබිණි.

ඊයේ උදෑසන 11.25 වන විට මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයින් 1633 දෙනකු වාර්තා වී තිබුණි. කොරෝනා ආසාදිතයන් 821 දෙනකු රජයේ රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිටි අතර 801 දෙනකු සුවය ලබා රෝහල්වලින් නික්ම ගොස් තිබිණි.

ඒමන්ති මාරඹේ

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles