Divaina - වැලිකඩ හිටපු OIC අත්අඩංගුවට ගන්න - නීතිපතිගෙන් උපදෙස්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p1 2- පාඨලීගේ රිය අනතුර

- තරුණයකුට බරපතළ තුවාල සිදුකරමින් 2016 වසරේ පෙබරවාරි 28 වැනිදා රාජගිරිය ප‍්‍රදේශයේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් සිදුකළ රිය අනතුර පිළිබඳව බොරු සාක්‍ෂි ලබාදීම, සත්‍ය වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ එවකට වැලිකඩ පොලිස්  ස්ථානාධිපතිරයා ලෙස කටයුතු කළ සුදත් අස්මඩල මහතා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තු නියෝගයක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට ඊයේ (01 දා) පස්වරුවේ උපදෙස් දුන්නේය.

මේ වන විට මොරටුව දිසාව භාර සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස රාජකාරි කරන සුදත් අස්මඩල මහතාට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහයේ 102, 103(අ) 190, 198 සහ 215 යන වගන්තිය යටතේ වන වැරදි සිදුකිරීම සම්බන්ධයෙන් එම නඩුවේ සැකකරුවකු ලෙස නම් කිරීමට ප‍්‍රමාණවත් කරුණු එනම් ඒ සම්බන්ධයෙන් සාධාරණ සැකයක් ඉදිරිපත්වී ඇති බවට විමර්ශන අනුව පෙනී යාම නිසා නීතිපතිවරයා එලෙස උපදෙස් ලබාදී ඇත.

නීතිපතිවරයා වෙනුවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම උපදෙස් ලිපියේ පිටපත් වැඩබලන මහෙස්ත‍්‍රාත්වරයාට, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට, කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයාට හා අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා වෙතද යොමුකර ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ‘දිවයිනට’ ප‍්‍රකාශ කළාය.

ඒ. ජේ. ඒ. අබේනායක

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles