Divaina - සජිත් ඇතුළු 99 කගේ එජාප සාමාජිකත්වය අත්හිටුවයි.... අජිත් පී.ට - සජිත්ට - කිරිඇල්ලට ලියුම් දෙක බැගින්ම යවලා
965x87 01 new
Divaina Wimal
deshait1

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

අකිත පෙරේරා
 
lead1එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක මෙන්ම හිටපු විපක්ෂ නායක ද වූ සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු හිටපු ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරුන් 99 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ඊයේ (29 දා* එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික අනුමැතිය ලබා දී තිබේ.
 
 ‘සමගි ජන බලවේගය’ පක්ෂයෙන් ඉදිරි මහ මැතිවරණයට නාමයෝජනා ලබා දුන් සියල්ලගේම ඒ අනුව පක්ෂ සාමාජිකත්වය අහිමි වෙයි. ඔවුන් දැරූ සියලූම තනතුරු, ආසන සංවිධායක ධුර ආදී සියල්ල ද තාවකාලිකව අත්හිටුවනු ලැබේ.
 
 පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිරිකොත දී ඊයේ පෙරවරුවේ රැුස්වූ අතර එහිදී පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ බව තීරණය කළ බව එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ‘දිවයින’ට පැවසීය.
 
 මේ අතර එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිල කාලය පසුගිය මාර්තු මස 30 වැනිදායින් අවසන් වූ පසුව නව සාමාජිකයින් සහ නිලධාරී මණ්ඩලය පත්වීම ද ඊයේ සිදු කෙරුණු අතර එහිදී මහලේකම්, උපනායක සහ ජාතික සංවිධායක යන ධුර සඳහා පිළිවෙළින් එම තනතුරු මීට පෙර දැරූ අකිල විරාජ් කාරියවසම්, රවි කරුණානායක, නවීන් දිසානායක යන මහත්වරුන් පත්කිරීම ද සිදු කෙරිණි.
 
 එහෙත් පක්ෂයේ සභාපති ධුරය සහ නියෝජ්‍ය නායක ධුර තවදුරටත් පුරප්පාඩු වී පවතින අතර කලින් එම ධුර දරන ලද්දේ කබීර් හෂීම් සහ සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් විසිනි.
 
 මේ අතර පක්ෂ සාමාජිකත්වය අත්හිටු වූ පිරිස අතර කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හිටපු සාමාජිකයින් 24 දෙනකු ද වන අතර ඊයේ දින කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා අලූතින් සාමාජිකයින් 08දෙනකු පත් කිරීම ද සිදු කර තිබේ.
 
 ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන පාලිත තෙවරප්පෙරුම, මහාචාර්ය ආශු මාරසිංහ, සන්දිත් සමරසිංහ, නාලක කොලොන්නේ, ශාන්තිනී කෝන්ගහගේ, කස්තුරි අනුරාධනායක, ශානක අයිලප්පෙරුම, ඒ.එස්.එම්.මිස්බා සතාර් යන මහත්ම මහත්මීන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කර ඇත.
 
 එහිදී නව සාමාජිකයකු ලෙස පත් කෙරුණු ඒ.එස්.එම්.මිස්බා සතාර් මහතා පක්ෂයේ නව භාණ්ඩාගාරික වශයෙන් පත් කර ගෙන තිබේ. ඒ මහතා වෘත්තියෙන් නීතිඥයෙකි. මීට පෙර එජාප භාණ්ඩාගාරික ලෙස කටයුතු කරනු ලැබුයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉරාන් වික‍්‍රමරත්න මහතාය.
 
 මාස කිිහිපයකට පසුව ඊයේ දින එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය පෙරවරු 10ට පමණ රැුස්වූ අතර පැය එකහමාරක් පමණ එම රැුස්වීම ඉතාම සාමකාමීව පවත්වා තිබේ.
 
 ඒ අනුව ඊයේ දින පක්ෂ සාමාජිකත්වය අත්හිටුවනු ලැබූ පිරිස මෙසේය.
 
 සුජීව සේනසිංහ, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර, හර්ෂ ද සිල්වා, ලෙනාඞ් කරුණාරත්න, එස්.එම්. මරික්කාර්, මුජිබර් රහුමාන්, නිරෝෂන් පාදුක්ක, ජයන්ත ද සිල්වා, අජිත් මාන්නම්පෙරුම, හසිත විජේසිංහ, ජෝර්ජ් පෙරේරා, චන්ද්‍රසෝම සරණලාල්, රෝස් ප‍්‍රනාන්දු, හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන, එඞ්වඞ් ගුණසේකර, රන්ජන් රාමනායක, සරත් ෆොන්සේකා, අජිත් පී. පෙරේරා, ජෙමිල් මරික්කාර්, ජගත් පින්නගොඩ විතාන, පී. ඞී. අබේරත්න, ආර්. ජී. සමරනායක, සමන්ත අරුණකුමාර, සම්පත් සංජීව, ලකී ජයවර්ධන, පද්මලාල් ද අල්විස්, ලක්‍ෂ්මන් කිරිඇල්ල, ඒ. එච්. එම්. හලීම්, රංජිත් අළුවිහාරේ, වසන්ත අළුවිහාරේ, රෝහිණී කවිරත්න, කපිල නාකන්දල, හිරන්‍යා හේරත්, ජයලත් බණ්ඩාර දිසානායක, අශෝක පි‍්‍රයන්ත බණ්ඩාර හේරත්, එම්. එන්. හුසේන් නියාස්, ජයන්ත ජයවීර, ඩෙනට් පනියන්¥වගේ, විජේපාල හෙට්ටිආරච්චි, බන්ධුලාල් බණ්ඩාරිගොඩ, ගයන්ත කරුණාතිලක, මංගල සමරවීර, බුද්ධික පතිරණ, තෙන්නකෝන් නිලමේ, ටී. වී. කේ. ගාමිණී, දිලිප් වෙදආරච්චි, එස්. ඒ. සුජීවා, සජිත් පේ‍්‍රමදාස, වී. පිරබාකරන්, පී.ඒ. කරුණාදාස, අරුණ සිරිසේන, ඉම්රාන් මහරුෆ්, චන්ද්‍රදාස ගලප්පත්ති, තුෂාර ඉඳුනිල්, ජේ. සී. අලවතුවල, නලින් බණ්ඩාර, අශෝක අබේසිංහ, පී‍්‍රති මොහාන් පෙරේරා, අජිත් රෝහණ, බන්දුල පි‍්‍රයන්ත බණ්ඩාරනායක, ලයනල් චන්ද්‍රවංශ, හෙක්ටර් අප්පුහාමි, සිසිර කුමාර අබේසේකර, නිරෝෂන් පි‍්‍රයන්ත පෙරේරා, කෝකිල නාත් සිං, පී. සහිදු, රෝහණ බණ්ඩාර විජේසුන්දර, ආර්. ඩබ්ලිව්. ධර්මදාස, ආර්. එම්. සුරංග රත්නායක, අනිල් රත්නායක, පී. හැරිසන්, චන්දිම ගමගේ, චන්ද්‍රානි බණ්ඩාර, එස්. එම්. අන්සාර්, එම්. එම්. ඩොනල්ඞ්, සිඞ්නි ජයරත්න, ආර්. එම්. රත්නායක, රවීන්ද්‍ර සමරවීර, චමින්ද විජේසිරි, උපාලි සේනාරත්න, වඩිවෙල් සුරේෂ්, ඩබ්. එච්. එම්. ධර්මසේන, හරීන්ද්‍ර ධර්මදාස, අර්වින් සම්පත් ජයසූරිය, ආනන්ද කුමාරසිරි, තුසිතා විජේමාන්න, සුජිත් සංජය පෙරේරා, කබීර් හෂීම්, ලක්‍ෂ්මන් දිසානායක, ඩබ්. සුරේෂ් සංජීව, සරත්චන්ද්‍ර රාමනායක, ඒ. ඒ. විජේතුංග, හේෂා විතානගේ, තලතා අතුකෝරල, මයන්ත දිසානායක, හරීන් ප‍්‍රනාන්දු, ඉරාන් වික‍්‍රමරත්න, රංජිත් මද්දුමබණ්ඩාර,
 
 මෙම පිරිසගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවූ බව දන්වමින් ලියාපදිංචි තැපෑලෙන් ලිපි ද යවා ඇති අතර එයින් අජිත් පී. පෙරේරා, සජිත් පේ‍්‍රමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ට ලිපි 02 බැගින් යවා තිබේ.

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles