Divaina - ජුනි 2 වන විට මැතිසබය යළි කැඳවිය යුතුයි.... ජනාධිපති නීතිඥ කි‍්‍රෂ්මාල් වර්ණකුල, පාර්ලිමේන්තුව මාස 3ක් ඇතුළත රැස්කිරීම අනිවාර්ය නෑ... ජනාධිපති නීතිඥ අලි සබ්රි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ඒ. ජේ. ඒ. අබේනායක
 
paarlimeent135පාර්ලිමේන්තුව කල් තැබීම හෝ විසුරුවාහැරීම හෝ සිදු කළත් මන්තී‍්‍රවරුන්ගේ ධුර කාලය එමගින් තාවකාලිකව අවසන් වීමක් මිස රටේ ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවේ බලය සම්පූර්ණයෙන්ම මියයාමක් කිසිදා සිදුවන්නේ නැතැයි ජනාධිපති නීතිඥ කි‍්‍රෂ්මාල් වර්ණකුල මහතා ඊයේ (29 දා* ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී ප‍්‍රකාශ කළේය.
 
 රටේ ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුව නොමැතිව රටක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයුරින් පාලනය කිරීමේ හැකියාවක් නොමැති බවත් මාස තුනක කාලයක් ඇතුළත පාර්ලිමේන්තුව යළි කැඳවීම පවත්නා නීතිය අනුව සිදුකළ යුතු බවත් ජනාධිපති නීතිඥවරයා එහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප‍්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පැවසීය.
 
 ජනාධිපතිවරයා විසින් පසුගිය මාර්තු 2 වැනිදා සිදු කළ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ නියෝගය බලය සහිත කි‍්‍රයාවක් වන්නා සේම ලබන ජුනි 2 වන විට මාස තුනක කාලය ඉක්ම යන නිසා එදින වන විට පාර්ලිමේන්තුව යළි රැුස්කළ යුතුව ඇතැයි ද එහිදී විනිසුරු මඬුල්ලට පැවසූ ජනාධිපති නීතිඥවරයා පාර්ලිමේන්තුව මේ වන විට මියගොස් ඇති බව පෙන්වා දෙමින් කරුණු දැක්වීම විහිළු සහගත වන්නේ යැයි ද පැවසීය.
 
 පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සහ ලබන ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබූ පෙත්සම් ඊයේ (29 දා* 9 වන දිනටත් සිදු කළ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ කි‍්‍රෂ්මාල් වර්ණකුල මහතා එලෙස ප‍්‍රකාශ කළේය. එකී පෙත්සම්වලට අතරමැදි පාර්ශ්වකරුවන් ලෙස මැදිහත්වීමට අවසර ඉල්ලා ඇති චින්තක රන්මාල් ඇන්තනි අමරසිංහ සහ ප‍්‍රදීප් කුමාර පනාගොඩ යන දෙදෙනා වෙනුවෙන් තමා කරුණු දක්වනුයේ අවසන් පිතිකරු ලෙස බවත් එකී කරුණු දැක්වීම ඉතා කෙටියෙන් සිදුකරනා බවත් පැවසූ ජනාධිපති නීතිඥ කි‍්‍රෂ්මාල් වර්ණකුල මහතා කරුණු දැක්වීම ආරම්භ කළේය.
 
 අතරමැදි පාර්ශ්වකරුවන්ගේ අවසන් පිතිකරු ලෙස පිටියට පිවිසි තමා සෙසු පාර්ශ්ව සියල්ල ඉදිරිපත් කළ කරුණු දැක්වීම්වලට පරිබාහිර කරුණු පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කිරීමට අපේක්‍ෂා කරන බවත් එහිදී අධිකරණයට පැවසූ ජනාධිපති නීතිඥ කි‍්‍රෂ්මාල් වර්ණකුල මහතා කොරෝනා වසංගත තත්ත්වය ද හදිසි විපත් කළමනාකරණ පනත යටතේ තත්ත්වයක් වන හෙයින් ජනාධිපතිවරයාට හදිසි නීතිය පැනවීමේ අයිතිය හිමි බවද කීවේය.
 
 කරුණු දක්වනුයේ අතරමැදි පාර්ශ්වය වෙනුවෙන් ද නැතහොත් වෙනත් පාර්ශ්වයක් වෙනුවෙන් දැයි එහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ජනාධිපති නීතිඥ කි‍්‍රෂ්මාල් වර්ණකුල මහතාගෙන් විමසා සිටි අතර ඉතා මහජන උනන්දුවක් පවතින කරුණක් වන හෙයින් අතරමැදි පාර්ශ්වය වෙනුවෙන් තමා කරුණු දක්වන බව ජනාධිපති නීතිඥවරයා එහිදී අධිකරණයට පැවසීය.
 
 ජනාධිපතිවරයා පසුගිය මාර්තු 2 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමෙන් කිසිදු ආකාරයකින් අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කර නොමැති බව සිහිපත් කරමින් සිය කරුණු දැක්වීම ආරම්භ කළ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා එලෙස විසුරුවාහරිනු ලැබූ පාර්ලිමේන්තුව මාස තුනක කාලයක් ඇතුළත රැුස්කිරීම අනිවාර්ය නොමැති බව විනිසුරු මඬුල්ලට පැවසීය.
 
 අප රටේ කි‍්‍රයාත්මක වනුයේ විධායක කි‍්‍රයාවලියක් ප‍්‍රමුඛ කරගත් රාජ්‍ය පාලනයක් බවත් එකී කි‍්‍රයාවලිය අනුව පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට බලය හිමි වී ඇති බවත් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා එහිදී අධිකරණයට පැවසීය.
 
 ලබන ජුනි 20 වැනි දිනට නියමිතව තිබූ මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව තමා අධිකරණයට දැනුම් දීමෙන් පසුව අතරමැදි පාර්ශ්වකරුවන්ගේ නීතිඥවරුන් ඒ සම්බන්ධයෙන් විවිධ විවේචන අධිකරණය හමුවේදී එල්ල කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් තමාට කරුණු දැක්වීමට කාලය ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. සෞඛ්‍ය නිලධාරීන් විසින් පසුගිය 28 වැනිදා ලබාදුන් නිර්දේශ පැහැදිලි කරදී තමා අධිකරණය හමුවේදී එම කරුණු දැක්වීම සිදු කිරීමට අපේක්‍ෂා කරන බවද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා එහිදී අධිකරණයට කීවේය. අතරමැදි පාර්ශ්වකරුවකු වන ඉන්දික සම්පත් මෙරිඤ්ඤගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ටී. කේ. දීකිරිවැව මහතා එහිදී විනිසුරු මඬුල්ලට පැවසුවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 (5* 3 වන ව්‍යවස්ථාව අනුව දෙවන වර පාර්ලිමේන්තුව කැඳවීමට මෙන්ම ඉදිරි මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් නියම කර යළි නාමයෝජනා කැඳවීමේ බලය රටේ ජනාධිපතිවරයා සතු බවයි.
 
 එම පෙත්සම්වල අතරමැදි පාර්ශ්වකරුවන් ලෙස මැදිහත් වී ඇති නීතිඥ පේ‍්‍රමනාත් දොළවත්ත, පද්මසිරි බණ්ඩාර, චමුදිත එස්. ෆොන්සේකා හා මහින්ද අමරවීර යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන, ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප‍්‍රනාන්දු, ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා යන මහත්වරු ද එහිදී කරුණු දැක්වූහ.
 
 එකී පෙත්සම් වැඩිදුර සලකා බැලීම ලබන 01 වැනිදා පෙරවරු 10.00 දක්වා කල් තැබීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලූවිහාරේ, සිසිර ද ආබෲ, පි‍්‍රයන්ත ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන විනිසුරු මඬුල්ල එහිදී නියෝග කළහ.

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles