Divaina - ඊයේ රැස්වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය නීත්‍යානුකූල නැහැ

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 අකිත පෙරේරා
 
kabeera135එක්සත් ජාතික පක්‍ෂයේ ඊයේ (29 දා* පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීම නිත්‍යානුකූල නොවන බැවින් එහිදී ගනු ලැබූ තීරණ ද නීත්‍යානුකූල නැතැයි එජාප හිටපු සභාපති සහ වත්මන් සමගි ජනබලවේගයේ පක්‍ෂ සාමාජික කබීර් හෂීම් මහතා පැවසීය.
 
 හෙතෙම මේ බැව් පැවසුවේ ඊයේ (29 දා* සවස එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.
 
 එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය.
 
 එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අවසන් වරට රැුස්වූයේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට පෙරයි. එහිදී සමගි ජනබලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වීමට අනුමැතිය ලැබුණා.
 
 නැවත එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැුස්වීමට තීරණය කළේ මහ මැතිවරණයෙන් පසුවයි. එනිසා ඊට පෙර රැුස්වන කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීම නීත්‍යානුකූල නැහැ.
 
 එජාප හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා - මොන පක්‍ෂයෙන් අපි ඡුන්දය ඉල්ලූවත් අපගේ අවසාන බලාපොරොත්තුව නැවත එජාපයට යාමයි. එනිසා පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වීම එතරම් ගණන් ගතයුතු නැහැ.

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles