Divaina - ශ‍්‍රීපාද රක්ෂිතයේ සැරි සරමින් සිටියදී මද්දට හසුවුණු කළු කොටියා සමුගනියි
965x87 01 new
Divaina Wimal
deshait1

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

කහවත්ත සමරවීර නිරෝෂණ
 
tiger135ශ‍්‍රීපාද රක්ෂිතයේ සැරි සරමින් සිටියදී මද්දකට හසුවූ දුර්ලභ වර්ගයේ කළු කොටියා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා උඩවලව පශු වෛද්‍ය රෝහලට රැුගෙන විත් තිබියදී ඊයේ (29දා* මියගිය බව උඩවලව පශු වෛද්‍ය ඒකකය පවසයි.
 
 මද්දකට හසුවී සිටි කළු කොටියා ඉන් මුදා ගැනීමට ගත් උත්සාහය නිසා ගෙල ප‍්‍රදේශයේ සිදු වූ තුවාල හේතුවෙන් ඇතිවූ සංකුලතා ඌගේ මරණයට හේතු වෙන්නට ඇතැයි උඩවලව ඇත් අතුරු සෙවණේ පශු වෛද්‍යවරු විශ්වාස කරති. පේරාදෙණිය පශු වෛද්‍ය ඒකකයට මියගිය කළු කොටියාගේ සිරුර ඊයේ පස්වරුවේ යැවීමට උඩවලව පශු වෛද්‍ය ඒකකය කටයුතු කළේය. එහිදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවත්වීමට නියමිතව තිබිණි. උඩවලව පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍යවරුන් වන නිමල් පෙරේරා සහ මාලක අබේවර්ධන යන මහත්වරු කළු කොටියා බේරා ගැනීමට දැඩි උත්සාහයක් ගත්හ.
 
 ශ‍්‍රී පාද රක්ෂිතයේ සැරි සරමින් සිටියදී මද්දකට හසු වී සිටි පැන්තරා පාදුස් වර්ගයේ කළු කොටියා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා උඩවලව ඇත් අතුරු සෙවණ පශු වෛද්‍ය රෝහල වෙත 26 වැනිදා රාත‍්‍රියේ රැුගෙන ආවේ මධ්‍යම වනජීවී කලාප අධ්‍යක්ෂ එච්.ඊ. වික‍්‍රමතිලක මහතාගේ උපදෙස් අනුවය. නිර්වින්දනය කර මූලික ප‍්‍රතිකාර ලබාදීමෙන් පසු කළු කොටියා උඩවලවට රැුගෙන එනු ලැබීය.
 
 නල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි වත්තේ සතුන් දඩයම් කිරීම සඳහා අටවන ලද මද්දකට හසු වී තුවාල ලබා සිටි මෙම කළු කොටියා නිර්වින්දනය කර මුදා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකියාව ලැබුණි.
 
 එළවළු වගා භූමිය ආසන්නයේම පිහිටි වතු නිවාසවල සුරතලේට ඇති කරන සුනඛයින් දඩයම් කිරීම සඳහා කළු කොටියා පැමිණි අවස්ථාවේ අටවා තිබූ මද්දට හසුවන්නට ඇති බව වනජීවී නිලධාරිහු සැක කරති.
 
 කොටියකු කෑ ගසන ශබ්දය ඇසී වතු කම්කරුවන් ඒ පිළිබඳව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු උඩවලව ඇත් අතුරු සෙවන පශු වෛද්‍ය රෝහලේ වෛද්‍යවරයාගේ සහයෝගය ලබා ගැනීමට නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර තිබුණි.
 
 අවුරුදු 8 ක් පමණ වයසැති දිගින් අඩි 8 ක් සහ උසින් අඩි 4ක ප‍්‍රමාණයකින් යුතු මෙම කළු කොටියා පිරිමි සතෙකු බවත්, කොටියා හොඳින් වැඩුණු සතකු බවත් වනජීවී නිලධාරීහු පවසති.
 
 ජාන විකෘතියක් මත හැදුණු පැන්තරා පාදුස් වාර්ගයේ කළු කොටින් 1% ක් පමණ ශී‍්‍ර ලංකාවේ රක්ෂිතවල ජීවත් වන බවත්, ශ‍්‍රීපාද රක්ෂිතය ආශ‍්‍රිතව කළු කොටින් ඉතාමත් සුළු ප‍්‍රමාණයක් සිටින බවත්, මෙම සත්වයින් වඳවීමේ තර්ජනයට ලක්වී ඇති ඉතා දුර්ලභ වර්ගයේ සත්වයන් බවත් වනජීවී නිලධාරීහු සහ පරිසරවේදීහු පවසති. 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles