Divaina - නීතිඥ කි‍්‍රෂ්මාල්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ‘බැරියර් එකක්’
965x87 01 new
Divaina Wimal
deshait1

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ඒ. ජේ. ඒ. අබේනායක
 
krismalasජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට අතරමැදි පාර්ශ්වකරුවකු ලෙස මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් ලිඛිත කරුණුවලට පරස්පර ආකාරයෙන් කරුණු දැක්වීම නිසා ජනාධිපති නීතිඥ කි‍්‍රෂ්මාල් වර්ණකුල මහතාට තවදුරටත් කරුණු දැක්වීමට අවසර ලබාදීම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29 දා* පස්වරුවේ ප‍්‍රතික්‍ෂේප කළේය.
 
 සීතාවක ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරයකු වන ප‍්‍රදීප් කුමාර පනාගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කි‍්‍රෂ්මාල් වර්ණකුල මහතා එකී අතරමැදි පෙත්සම්කරු අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් කරුණුවලට පරස්පර ආකාරයෙන් කරුණු දැක්වීම සිදුකරනා අයුරු නිරීක්‍ෂණය කළ අගවිනිසුරුවරයා එලෙස පරස්පර ආකාරයෙන් කරුණු දැක්වීම අධිකරණයට සහය දැක්වීමක් ලෙස සැලකිය නොහැකි බව පෙන්වා දුන් අතර සෙසු සාමාජික විනිසුරුවරුන්ගේ ද එකඟතාවය අනුව එකී පෙත්සම්කරු වෙනුවෙන් කරුණු දැක්වීමට තව දුරටත් අවසර ලබාදිය නොහැකි බව දැන්වීය. එකී අතරමැදි පෙත්සම්කරුගේ ඉල්ලීම වනුයේ මැතිවරණයට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දීමෙන් ඔහුට අගතියක් වන බව නොවන්නේ දැයි එහිදී විමසූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඍජුවම පෙත්සම්කරුගේ ස්ථාවරය තම අධිකරණය හමුවේ ප‍්‍රකාශ කරන ලෙස ජනාධිපති නීතිඥ කි‍්‍රෂ්මාල් වර්ණකුල මහතාට දැනුම් දුන්නේය. තමා සිය
 
 සේවාදායකයාගෙන් ලබාගනු ලැබුවේ සීමිත උපදෙස් කිහිපයක් පමණක් බවත් අගවිනිසුරුවරයා අසන ලද ප‍්‍රශ්නයට එක එල්ලේ තමාට පිළිතුරක් ලබාදීමට නොහැකි බවත් එහිදී පැවසූ ජනාධිපති නීතිඥවරයා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරදීමට විනාඩි පහක කාලයක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. කෙසේ නමුත් විනිසුරු මඬුල්ල එකී ඉල්ලීමට අවසර නොදුන්හ.
  

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles