Divaina - බෙලිඅත්තෙන් තරග කරන්න අයැදුම් කළ විට රැවුලක් නැති ළාබාලයෙක් කියලා සමහරු මට විරුද්ධ වුණා
965x87 01 new
Divaina Wimal
deshait1

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p12 1- ප‍්‍රචාරක වැඩවලට මුලින්ම වාහනය දීපු අය අමතක වෙන්නේ නෑ

- ජනතාව වෙනුවෙන් නැඟූ හඬට මාධ්‍ය හයියක් දුන්නා

- අගමැති මහින්ද රාජපක්‍ෂ 50 වසරක දේශපාලන දිවිය ආවර්ජනය කරයි

පොදු  ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් තමා නැඟූ හඬට මාධ්‍ය ලබා දුන් විශාල සහයෝගය නිසා තමන්ට දේශපාලන ජීවිතය සාර්ථක පනස් වසරක් කරා ගමන් කිරීමට හැකි වූ බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ ට ඊයේ (29 වැනිදා) කියා සිටියේය.

දිවයින පුවත්පත ආරම්භයේ සිටම තම දේශපාලන ජීවිතයට සුවිශේෂී සහයෝගයක් ලබා දුන් බව පැවසූ මහින්ද රාජපක්‍ෂ මහතා එම සහයෝගය කිසි විටෙකත් අමතක නොකරන බව ද කීවේය.

තමා සෑම මොහොතේම මේ රටේ මුළු මහත් ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින බව ද අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

තමා දේශපාලන ජීවිතය ආරම්භ කළ මොහොතේ විවිධ අත්දැකීම්වලට මුහුණ දුන් බව ද අගමැතිවරයා පැවැසීය.

එදා පාර්ලිමේන්තුවත් අද පාර්ලිමේන්තුවත් අතර පවතින වෙනස පිළිබඳව පැහැදිලි කළ අගමැතිවරයා එදා පාර්ලිමේන්තුව තුළ වැදගත් විවාදයන් සිදු වූ බවද අද වැඩිවශයෙන් සිදුවන්නේ මඩ ගැසීම් බව ද පැවසීය.

තමාගේ දේශපාලන ජීවිතය ආරම්භ කළ මොහොතේ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සඳහා එදා තමාට වාහන සපයා දුන් මහාචාර්ය ඈපා මුණසිංහ මහතා මෙහිදී බැතියෙන් සිහිපත් කරන බව ද මාධ්‍යවේදීන් විශාල ලෙස සහාය ලබාදුන් බව ද සඳහන් කළේය.

අගමැතිවරයා මෙසේද පැවසීය.

අද වගේ එදා පෝස්ටර්, බැනර් වැඩිපුර දකින්න තිබුණේ නැහැ. ලොකු ආරවුල් තිබුණේ නැහැ. මගේ සොහොයුරෝත් මගේ දේශපාලන ගමනට හුඟක් සහයෝගය දුන්නා.

බෙලිඅත්ත ආසනයෙන් තරග කිරීමට අයැදුම්පත දැම්මට පස්සේ තේරීම් කමිටුවේ සමහරු මට විරුද්ධ වුණා. මම රැවුලක්වත් නැති ළාබාලයෙක් කියලා. බණ්ඩාරනායක මැතිනිය එදා ඒවා ගණන් ගත්තේ නැහැ. මට පාර්ලිමේන්තුවට තරග කිරීමට අවස්ථාව ලබා දුන්නා. විශේෂයෙන් ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් මම එදා සිට මේ දක්වා පෙනී සිටියා. ජනතාව මම කිසිම විටෙක අමතක කරන්නේ නැහැ යැයි ද මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේය.

නෝමන් පලිහවඩන

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles