Divaina - වඩමාරච්චි බෝම්බ ප‍්‍රහාරයට සැකපිට දෙදෙනකු අල්ලයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

දිනසේන රතුගමගේ
 
 bomයාපනයේ වඩමරච්චි” වල්ලිපුරම් කෝවිල අසල සිදු වූ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනකු පේදුරුතුඩුව පොලිසිය විසින් පෙරේදා (27 දා* අත්අඩංගුවට ගෙන තිබේ’
 
 ඔවුන්ගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී හෙළි වූයේ පළාතේ වැලි ජාවාරම්කරුවන් පිරිසක් පොලිස් නිලධාරීන්ව ඉලක්ක කරගෙන මෙම බෝම්බය පුපුරුවා හැර ඇති බවයි’
 
 අත්අඩංගුවට ගෙන සිටින දෙදෙනා මෙම බෝම්බ ප‍්‍රහාරයට සෘජුවම සම්බන්ධ බව තවමත් ප‍්‍රකාශ කළ නොහැකි බව පවසන පේදුරුතුඩුව පොලිසිය ප‍්‍රකාශ කරන්නේ පුපුරුවා හරින ලද බෝම්බය ක්ලේමෝ බෝම්බයකට සමාන ලෙස දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ලද බෝම්බයක් බවයි’
 
 පොලිසිය මගින් මේ පළාතේ සිදුවන නීති විරෝධී වැලි ජාවාරම් මැඬ පැවැත්වීම සඳහා දිනපතාම මුර සංචාර කටයුතු සිදු කරනු ලබන අතර මෙදිනද නිලධාරීන් දෙදෙනකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී බෝම්බය පුපුරවා හැර ඇති බවට තොරතුරු හෙළි වී ඇත’ බෝම්බ ප‍්‍රහාරයෙන් එක් පොලිස් නිලධාරියකු සුළු තුවාල ලබා රෝහල් ගතකොට සිටියි’
 
 බෝම්බය පුපුරා ගිය ස්ථානය පරීක්ෂා කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට බෝම්බය පුපුරුවා ඇත්තේ බෝම්බයට වයර් සම්බන්ධකොට ඊට විදුලිය ලබාදීමෙන් බවට තොරතුරු අනාවරණය වී ඇත’ පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති’

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles