Divaina - කැබිනට් තීරණ... ඛණිජ තෙල් මිල ස්ථායිකරණ අරමුදලක් පිහිටුවයි...

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

 සමන් ගමගේ
 
 ලෝක වෙළෙඳ පොළේ මිල අඩුවන විට තාවකාලික සහන දීම වෙනුවට රුපියල් බිලියන 200 කින් යුත් ඛණිජ තෙල් මිල ස්ථායිකරණ අරමුදලක් පිහිටුවීමට රජය තීරණය කර ඇති බව සම කැබිනට් ප‍්‍රකාශක උසස් ඇමැති අධ්‍යාපන ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
 
ඒ අනුව මුදල් ඇමැති හා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉන්ධන මිල මත රේගු අධිභාරයක් පැනවීමේ යෝජනාවක් පෙරේදා (27 වැනිදා* රැුස්වූ ඇමැති මණ්ඩල රැුස්වීමට ඉදිරිපත් කළ බවද ඇමැතිවරයා සඳහන් කළේය.
 
 මෙහිදී ඉන්ධනවලින් ලැබෙන බදු ආදායමින් වැඩිපුර ලැබෙන මුදල් ඒකාබද්ධ අරමුදලට බැර නොකොට අදාළ අරමුදල වෙනුවෙන්ම පිහිටුවා ඇති වෙනත් ගිණුමකට බැර කෙරෙන බවද කියා සිටි ඇමැතිවරයා එම කටයුතු මෙහෙයවීම සඳහා මහ භාණ්ඩාගාරයේ අතිරේක ලේකම්වරුන් හය දෙනකුගෙන් යුත් කමිටුවත් පත් කර ඇති බවද පැවසීය.
 
 අදාළ අරමුදල සඳහා රුපියල් බිලියන 200 මුදල එකතු කිරීම ඔවුන්ට පැවරෙන කාර්යයක් බවද කියා සිටි ඇමැතිවරයා ඉදිරියේදී එම අරමුදලෙන් මේ වන විට ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ පවතින රුපියල් කෝටි ගණනක ණය ගෙවීම මෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ ණය ගෙවා දැමීමේ අවස්ථාවක් හිමිවන බවද පෙන්වා දුන්නේය.
 
 එමගින් නිෂ්පාදන වියදම් අඩුවීම වැනි කටයුතු හේතුවෙන් ඉදිරියේදී විදුලිය පිළිබඳ සහන ඇති කිරීම ආදී ලෙසින් මෙරට සමස්ත ජනතාවට සහන රැුසක් අත්කර දීමේ අවස්ථාව හිමිවන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
 
 කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ඊයේ (28 වැනිදා* රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles