Divaina - එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය අද රැස් වෙයි... නියම බහුතරය පෙන්වන්න සමගි ජන බලවේගයේත් එවැනිම හමුවක් අද

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

අකිත පෙරේරා
 
 sirikඑක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (29දා* පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිරිකොතදී රැස්වීමට නියමිත අතර එහි නියෝජ්‍ය නායකයා වූ සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් එවැනිම වූ රැුස්වීමක් අද සමගි ජන බලවේගය ප‍්‍රධාන කාර්යාලයේ පැවැත්වීමට නියමිතය.
 
 ඒ අනුව එජාප කෘත්‍යධිකාරී මණ්ඩලය අද පෙරවරු 10 ට පමණ රැුස්වන බව එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ‘දිවයින’ට පැවසීය.
 
 එහිදී එජාපයේ නියෝජ්‍ය නායක මෙන්ම හිටපු විපක්ෂ නායක වූ සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් ඇතුළු 102 දෙනකු වෙනත් පක්ෂයකින් නාමයෝජනා භාරදීම සහ එම පක්ෂයට සහාය ලබා දීමට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡුා කිරීමට නියමිතය.
 
 ඒ අනුව එම පිරිස සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර සහ විනය පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන්ද තීරණ ගන්නා බව එජාප මහ ලේකම්වරයා සඳහන් කළේය.
 
 ඊට අමතරව රට තුළ පවතින කොරෝනා මර්දන තත්ත්වය මෙන්ම මහ මැතිවරණය ඇතුළු කාරණා ගණනාවක් පිළිිබඳව එහිදී සාකච්ඡුා කිරීමට නියමිත වේ.
 
 මේ අතර සිරිකොතට නුදුරින් පිහිටා ඇති සමගි ජන බලවේගය නියෝජනය කරන එජාපයේ සිටි කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් ද සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වීමට තීරණය කර ඇති අතර එහිදී නියම බහුතරය සමගි ජන බලවේගය සතුව ඇතැයි පෙන්වන බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු මහතා ‘දිවයින’ට කීය.
 
 නියම කෘත්‍යාධිකාරී මණ්ඩලය රැුස්වන්නේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය. 

 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles