Divaina - නිරෝධායන ක‍්‍රමවේද යටතේ විදෙස්ගත ශ‍්‍රමිකයන් කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර ගන්න

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

සිරිමන්ත රත්නසේකර
 
handunsdවිදේශගතව සිටින ශ‍්‍රී ලාංකික පුරවැසියන් අදාළ නිවැරදි නිරෝධායන ක‍්‍රමවේද යටතේ ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සූදානම් කරන මෙන් විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් එතෙර අපි සංවිධානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (28 වැනිදා* ඉල්ලීමක් කර ඇත.
 
 විදෙස් රටවල සිටින එම ශ‍්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම නතර කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත්, අසරණ භාවයට පත්ව ඇති එම පිරිස ගෙන්වා ගැනීමට රජය කටයුතු කළ යුතු බවත් හෙතෙම පවසයි.
 
 රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් බව ද එම වගකීම අත් නොහරින ලෙස ද සුනිල් හඳුන්නෙත්ති මහතා රජයෙන් ඉල්ලා සිටී.
 
 කුවේට් සිට පැමිණි ශ‍්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් මහින්දානන්ද අලූත්ගමගේ ඇමැතිවරයා සිදුකර ඇති අපහාසාත්මක සහ වගකීම් විරහිත ප‍්‍රකාශය පිළිබඳව එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා එකී ලිපිය මගින් විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දී ඇත.
 
 කුවේට් රාජ්‍යයේ සිට ශ‍්‍රී ලාංකාවට මැයි 19 වැනිදා පැමිණි ලාංකිකයන් කුවේට් රාජ්‍යය විසින් තෝරාගත් කොරෝනා රෝගය වැළඳුණු පිරිසක් බවත්, ඔවුන්ගේ පැමිණීම ශ‍්‍රී ලංකාවට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමට සමාන බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් මැයි 25 වැනිදා කරන ලද ප‍්‍රකාශය පිළිබඳව බලවත් කනගාටුව සහ අප‍්‍රසාදය ප‍්‍රකාශ කරන බවත්, එහිදී ඔහු විසින් ඉදිරිපත් කළ කරුණු ගණනාවක් පදනම් විරහිත ව්‍යාජ චෝදනා පමණක් බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
  

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles