Divaina - කාවින්දගේ වීඩියෝ පටය ගැන හරීන්ගෙන් පැය 3ක් ප‍්‍රශ්න කරයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

හේමන්ත රන්දුණු
 
vediosහිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධන මහතා සම්බන්ධයෙන් අසභ්‍ය දර්ශන අඩංගු ව්‍යාජ වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදාහරින ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (28 දා* පැය 03 ක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගෙන ඇත.
 
 කොළඹ අපරාධ කොට්ඨාසය කළ දැනුම් දීමකට අනුව ඊයේ පෙරවරු 10.45 ට පමණ හරීන් ප‍්‍රනාන්දු මහතා එහි පෙනී සිටි අතර දහවල් 2.00 පමණ වන තුරු ඒ මහතාගෙන් මෙම ප‍්‍රශ්න කිරීම් සිදු කෙරිණි.
 
 තමා සම්බන්ධ ව්‍යාජ අසභ්‍ය වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදාහැරි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධන මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිලි කර තිබිණි.
 
 ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ අපරාධ කොට්ඨාසය එම සිද්ධියට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයන් කීප දෙනකුගෙන් ප‍්‍රශ්න කර තිබිණි.
 
 මේ සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ති‍්‍රනියක වන මල්ෂා කුමාරතුංග මහත්මියගෙන් ද අපරාධ කොට්ඨාසය මීට ඉහත ප‍්‍රකාශ ලබාගෙන තිබිණි.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles