Divaina - ජනපතිගේ දේශපාලන තීන්දුවකට මැදිහත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නෑ.... ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ඒ. ජේ. ඒ. අබේනායක
 
parlis ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට පියවර ගෙන ඇත්තේ දේශපාලන හේතුවක් මත බවත් රටේ ප‍්‍රධානියා මෙන්ම රටේ විධායකයා ද වන ජනාධිපතිවරයාගේ එවැනි දේශපාලන තීන්දුවක් සම්බන්ධයෙන් මැදිහත් වී නියෝග ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිමය බලයක් නැති බවත් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ඊයේ (28 දා* අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පැවසීය.
 
 නියමිත කාලය ඉක්ම ගොස් වසර දෙකක් පසුවනතුරුත් පළාත් සභා ඡන්දය හෝ පැවැත්වීමට අපොහොසත් වූ මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරයා ඉදිරි මහ මැතිවරණය පැවැත්වීමට නියම කළ දිනය පවා දිගු කාලයකට කල් දැමීම රටේ ජනතාවගේ සර්වජන ඡන්ද බලයට අනියමින් කළ බලපෑමක් මෙන්ම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වන්නේ යැයි ද අතරමැදි පාර්ශ්වකරුවකු වන මල්වතු පාර්ශ්වයේ අධිකරණ සංඝනායක අතපත්තු කන්දේ ආනන්ද හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා පැවසීය.
 
 ස්වාධීනව කටයුතු කළ යුතු මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර පවතින වෙනස් මත පිළිබඳ ජනතාව අතර කුතුහලයක් ඇති වී ඇතැයි ද එහිදී පැවසූ ජනාධිපති නීතිඥවරයා පාර්ලිමේන්තුව සක‍්‍රීයව නොමැති අවදියක වුවත් රට දුවන්නන් වාලේ දුවන්නට ඉඩ නොහැර විධිමත් ක‍්‍රියාදාමයක් යටතේ ජනාධිපතිවරයා අගමැතිවරයා ප‍්‍රමුඛ නිලධාරීන් කටයුතු කර තිබියදීත් විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස සමහරුන් ඉල්ලා සිටිනුයේ කුමන හේතුවක් නිසා දැයි වටහා ගත නොහැකි බව ද කියා සිටියේය.
 
 මැතිවරණ කොමිෂන් සභාව හා පෙත්සම්කරුවන් පවසන පරිදි කොරෝනා වසංගතය අවසන් වනතුරු බලා සිටින්නට සිදුවුවහොත් තවත් මාස කිහිපයකට ඡුන්දයක් පැවැත්වීමේ හැකියාව නොලැබෙනු ඇතැයි විනිසුරු මඬුල්ලට පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා, වැළැක්විය නොහැකි කරුණක් උද්ගත වූ විට සාධාරණ කාලයකට මැතිවරණය කල් දැමීමේ අයිතිය මැතිවරණ කොමිෂන් සභාවට ඇතත් මෙලෙස දිගු කාලයකට ඡුන්දය කල් දැමීම අයුක්ති සහගත බව ද පැවසීය.
 
 පෙත්සම්කරුවන් ලබන ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කොට ඇත්තේ සිය පෞද්ගලික අභිමතාර්ථ සාක්‍ෂාත් කර ගැනීමේ අදිටනින් මිස රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නීතිය හෝ රටේ ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් නොවන්නේ යැයි වෛi ගුණදාස අමරසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.
 
 දේශපාලනඥයන් හා සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් වන එකී පෙත්සම්කරුවන් අතරින් බහුතරයක් වර්තමාන ජනාධිපතිවරයාට එරෙහිව අතීතයේ සිටම විවිධ ගැටලූ ඇති කළ පිරිසක් බව ඔවුන්ගේ අතීත ක‍්‍රියාකාරකම් දෙස බැලීමේදී පැහැදිලි වන්නේ යැයි ද එහිදී පැවසූ ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා ඔවුන්ගේ දේශපාලන අභිමතයන් ඉටුකර ගැනීම සඳහා අධිකරණය භාවිතා කිරීමට ඉඩ නොදෙන ලෙස විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය.
 
 එවැනි පිරිසක් ඉදිරිපත් කළ පෙත්සම් යම් හෙයකින් විභාග කිරීමට අධිකරණය අවසර දුනහොත් වසරකට වඩා තවත් දිගු කාලයකට මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වනු ඇතැයි ද එහිදී අධිකරණයට පැවසූ ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා එකී පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම නිශ්ප‍්‍රභ කරන ලෙස ඉල්ලා සිටියේය.
 
 මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙනුවෙන් හා මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන හා ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ද එහිදී කරුණු දක්වනු ලැබූහ.
 
 ලබන ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් දින නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හා පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලීම අද (29 වැනිදා* පෙරවරු 10.00 දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (28 දා* නියෝග කළේය.
 
 එම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලූවිහාරේ, සිිසිර ද ආබෲ, ප‍්‍රියන්ත ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ දී අටවන දිනටත් සලකා බැලීම ඊයේ (28 දා* පැවැත්විණි.
 
 එකී පෙත්සම්වලට අතරමැදි පාර්ශ්වකරුවන් ලෙස මැදිහත්වීමට අධිකරණය විසින් අවසර ලබා දී ඇති පාර්ශ්වකරුවන් 15 දෙනා අතරින් කේ. ත්‍යාගරාජා, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, මල්වතු පාර්ශ්වයේ අධිකරණ සංඝ නායක අතපත්තුකන්දේ ආනන්ද හිමි, වෛi ගුණදාස අමරසේකර හා මහාචාර්ය සුදන්ත ලියනගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් ඊයේ (28 දා* කරුණු දැක්වූහ.

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles