Divaina - නාවික හා විදෙස්ගතව පැමිණි ශ‍්‍රමික පොකුරු කළමනාකරණය නොකළොත් කොරෝනා දෙවැනි රැල්ලක අවදානමක්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

සිරිමන්ත රත්නසේකර
 
navvena135 නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති නාවික සහ විදෙස්ගතව සිට පැමිණ ඇති ශ‍්‍රමික පොකුරු නිසි ලෙස කළමනාකරණය කර නොගතහොත් කොරෝනා දෙවැනි රැුල්ලක අවදානම නැවත රට තුළ මතුවිය හැකි යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ඊයේ ( 28 වැනිදා* ‘දිවයින’ ට සඳහන් කළේය.
 
 මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය ආසියාව, ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයකට දෙවන කොරෝනා රැල්ලක අනතුරු අඟවා ඇති බවත් එහෙයින් ඉහත රෝගීන් පොකුරු කළමනාකරණය කර ගැනීම අතිශය වැදගත් බවත් හෙතෙම පැවසීය.
 
 මෙම කටයුත්ත සඳහා දුරස්ථකරණය, ස්වයං ස්වස්ථතාව, විෂබීජ හරණය සහ මුහුණු ආවරණය යන සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් හී ඉංග‍්‍රීසි වචනයන්හි මුල් අකුරු වලින් සැකසී ඇති (
DREAM) සංකල්පයේ මාර්ගෝපදේශනයන්ට අනුගත වෙමින් ජනතාව කටයුතු කිරීම ඉතා වැදගත් යැයි ද හෙතෙම සඳහන් කළේය.
 
 විදෙස්ගතව සිටින මෙරට පුරවැසියන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේදී මෙරට රෝහල් පද්ධතියේ දැනට පවතින ධාරිතාව සහ නිරෝධායන මධ්‍යස්ථානයන්හි පවතින ඉඩ පහසුකම් පිළිබඳ සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය යැයි ද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීවේය.
 
 එසේ නොවුණහොත් පවතින යහපත් තත්ත්වය වහා වෙනස් විය හැකි යැයිද හෙතෙම අනතුරු ඇඟවීය.
 
 විදෙස්ගත ශ‍්‍රමිකයන් ගෙන්වා නොගන්නා ලෙස මින් කිසිසේත් අදහස් නොවන බවත්, ඔවුන් මවු රටට ගෙන්වා ගැනීම මනා කළමනාකරණයක් යටතේ සිදු විය යුතු බව එහි අදහස බවත් හෙතෙම සඳහන් කළේ ය.
 
 රට තුළ මෙම වෛරසය හොඳින් පාලනය කර ඇතත් සක‍්‍රීය රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම එතරම් හිත සුව නැති බවත් හෙතෙම පැවසීය.

 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles