Divaina - කොරෝනා හැදුණු ගැබිනි මව්වරු 100ක් නිරෝගි දරුවන් බිහිකරති

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 චතුර පමුණුව
 
babs නව කොරෝනා වෛරසය ආසාදිත ගැබිනි මව්වරුන් ඉන්දියාවේ මුම්බායි නගරයේ රෝහලකදී නිරෝගී දරුවන් සියයකට අධික සංඛ්‍යාවක් ප‍්‍රසූත කර තිබේ.
 
 මුම්බායි නුවර ලෝකමාන්‍ය තිලක් මහ රෝහලේ පසුගිය මාසය ඇතුළත සිදු වූ දරු උපත්වලින් 115ක් කොරෝනා වෛරසය ආසාදිත මව්වරුන් විසින් සිදු කරනු ලැබ ඇත.
 
 එම බිළින්දන් 115 දෙනාගෙන් තිදෙනකුට පමණක් උපතේදී ම කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණු බව පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. එම ළදරුවන් තිදෙනා ද පසුව සුවය ලබා ඇතැයි එම රෝහලේ වෛද්‍යවරු පැවසූහ. නමුත් කොරෝනා වෛරසය අසාදනය වූ ගැබිනි කාන්තාවන් දෙදෙනකු එම රෝහලේදී මරණයට පත්වී ඇති අතර ඉන් එක් කාන්තාවක් මියගොස් ඇත්තේ දරු ප‍්‍රසුතියට පෙරය.
 
 මෙම කොරෝනා ආසාදිත මව්වරුන් සිදුකළ දරු උපත්වලින් අඩක් සිසේරියන් සැත්කම් හරහා සිදු වී තිබේ.
 
 උපත ලැබූ දරුවන්ගෙන් 56දෙනකු පිරිමි දරුවන් වන අතර 59 දෙනෙකු ගැහැනු දරුවන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

 

 

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles