Divaina - ඇමැති අමරවීර කැබිනට් පති‍්‍රකාවක් අවලංගු කරයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 සිරිමන්ත රත්නසේකර
 
amar මෝටර්රථ පරීක්ෂකවරුන්ගේ රාජකාරිය පුද්ගලික සමාගමක් වෙත පැවරීම සඳහා අත්සන් කර තිබූ කැබිනට් පත‍්‍රිකාව අවලංගු කර එම පරීක්ෂකවරුන්ගේ රැකියා සුරක්ෂිත කිරීම සඳහා නව කැබිනට් පත‍්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට විදුලිබල බලශක්ති හා ප‍්‍රවාහන කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා පියවර ගෙන ඇත.
 
 මේ පිළිබඳව ‘දිවයින’ විෂය භාර ඇමැති ඇමැති මහින්ද අමරවීර මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ රාජ්‍ය ආයතනවල කටයුතු බිඳක් හෝ පුද්ගලික අංශයට ලබා දීමට වත්මන් රජය කිසිසේත්ම සූදානම් නැති බවය. රජයේ ප‍්‍රතිපත්තිය වන්නේ රාජ්‍ය සේවකයන් ආරක්ෂා කර ගැනීම බවත් හෙතෙම කීවේය.
 
 රාජ්‍ය සේවකයන්ට අවැඩක් වන කිසිඳු කටයුත්තකට මෙම රජය අත නොගසන බවත් හෙතෙම කීවේය. මෝටර්රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සමිතිය තමන්ගෙන් කළ ඉල්ලීමක් අනුව එය පිළිගනිමින් මෙම නව කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කළ බවත් ලබන සතිය වන විට ඒ සඳහා හොඳ ප‍්‍රතිඵලයක් ලැබෙනු ඇති බවත් ඇමැති මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් ‘දිවයිනට’ පැවසීය.
  

 

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles