Divaina - කොළඹ යාචකයෝ 62ක් උසාවි නියෝගයෙන් වීරවිලට

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ඒ. ජේ. ඒ. අබේනායක
 
yachakasssමහජනාවගේ සෞඛ්‍ය සංරක්‍ෂණයට තර්ජනයක් එල්ල වන අයුරින් අනාරක්‍ෂිත ආකාරයෙන් කොළඹ කොටුව බස් නැවතුම්පළ හා තදාසන්න ප‍්‍රදේශවල රැඳී සිටියදී පොලිසිය විසින් භාරගෙන තිබූ යාචකයන් හැටදෙදෙනකු වීරවිල රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය ඊයේ (22 දා* නියෝග කළේය.
 
 පොලිසිය විසින් සිය භාරයට ගෙන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර දින 14 ක කාලයක නිරෝධානයට ලක් කර තිබූ එකී යාචක පිරිස එලෙස අනාරක්‍ෂිත අයුරින් කොළඹ නගරයේ ගැවසෙනුයේ ඔවුන්ට ස්ථිර වාසස්ථාන හෝ ආදායම් මාර්ග නොමැති නිසා වන්නේ යැයි පවසමින් පොලිසිය කළ කරුණු දැක්වීම සලකා බැලූ අධිකරණය එම නියෝගය කළේය. වයෝවෘද්ධ පුද්ගලයන් හැර සෞඛ්‍ය සම්පන්න සෙසු පුද්ගලයන්ට එහිදී වෘත්තීය පුහුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද පොලිසිය අධිකරණයට දැන්වීය.
  

  

 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles