Divaina - මන්නාරමේ තාරපුරම් ගමත් වසයි...තුන්දහසක් ස්වයං නිරෝධානයේ...හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා සහ ඔහුගේ ආරක්‍ෂකයන්ද ස්වයං නිරෝධායනයට

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 n1
 
දිනසේන රතුගමගේ
 
පුත්තලම මන්නාරම මාර්ගයේ පිහිටි මන්නාරමට අයත් තාරපුරම් ගම්මානය 8 දා සෞඛ්‍ය බලධාරීන් හා ආරක්ෂක අංශ විසින් වසා දමන ලදී.
 
 මන්නාරම ප‍්‍රාදේශීය නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එස්.විනෝදන් මහතා ප‍්‍රකාශ කලේ පසුගිය 18 වෙනිදා තාරපුරම් ප‍්‍රදේශයේ පැවති අවමංගල උත්සවයකට පුත්තලමේ සිට පැමිණි මුස්ලිම් ජාතිකයෙකු කොරෝනා රෝගයට ගොදුරු වී රෝහල් ගත කිරීමත් සමගම මේ තීරණය ගත් බවයි.
 
 තාරපුරම් බටහිර පවුල් 564 ක්ද තාරපුරම් නැගෙනහිර පවුල් 358 ක්ද ඇුතුළුව වැසියන් 3000 ක් පමණ ස්වයංනිරෝධානයට ලක්කර ඇති බව මන්නාරමේ සෞඛ්‍ය අංශ ප‍්‍රකාශ කරයි.
 
 ශ‍්‍රී ලංකා නිදහස් පඣෂ වන්නි දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාදර් කාදර් මස්තාන්ද මෙම අවමංගල උත්සවයට සහභාගි වූ පුද්ගලයෙක් ඇසුරු කළ නිසා හිටපු පාර්ලිමේන්තුමන්ත‍්‍රීවරයා සහ ඔහුගේ ආරඣෂයන් දෙදෙනාද මේ වන විට ස්වයං නිරෝධානයට ලක්කර ඇති බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරයි.
 
 පුත්තලමේ සිට මන්නාරම තාරපුරම් ගම්මානයේ අවමංගල උළෙලට සහභාගී වූ පුද්ගලයා ඊට දින කීපයකට පෙර ඉන්දුනීසියාවේ සංචාරය කොට ආපසු පුත්තලමට පැමිණි අයෙකු බවට තොරතුරු වාර්තා වෙයි.
 
 අවමංගල උළෙලට සහභාගී වීමට පැමිණි ඔහු තාරපුරම් ගම්මානයේ දින දෙකක කාලයක් රැදී සිට ආපසු පුත්තලමට යාමෙන් පසුව ඔහුට කොරෝනා රෝගය වැළදී තිබේ.
 
 තාරපුරම් ගම්මානයේ ග‍්‍රාම සේවා වසම් දෙකක වැසියෝ මෙම අවමංගල උළෙලට සහභාගී වී ඇති අතර ඔවුන් සියලූ‍ම දෙනා ඔවුන්ගේ නිවෙස් වල තබා සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනය කිරීමටත් තාරපුරම් ප‍්‍රදේශයම විෂබීජ හරණයට ලක් කිරීමට්ටහ් තීරණය කොට තිබේ.
 
 තාරපුරම් ගම්මානය තාරපුරම් මුස්ලිම් දේවස්ථානය අසලින් වසා දමා ඇති අතර එම ගම්මානයට කිසිවෙකුට හෝ ඇතුලූ‍ වීමට ඉඩ නොතබා යුද හමුදා මාර්ග බාධක යොදා ඇත.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles