Divaina - ඇඳිරි නීති බලපත‍්‍ර අපේ‍්‍රල් 30 දක්වා දීර්ඝ කරයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 
 
නව ඇඳිරි නීති බලපත‍්‍ර ලබා දීමේ ක‍්‍රමවේදය මෙම මස 30 වැනිදා දක්වා දීර්ඝකර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
 ඒ අනුව වරාය, නැව් සමාගම, රේගුව, ආගමන විගමන, සෞඛ්‍ය, ඛනිජ තෙල්, විදුලි සංදේශ, විදුලි හා ජල සැපයීම, කෘෂිකර්ම කටයුතු, ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය සේවාව, මහා භාණ්ඩාගාරය, මහ බැංකුව ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික බැංකු, මාධ්‍ය ආදී රාජ්‍ය හා පෞද්ගලික අංශ මඟින් පවත්වා ගෙන යනු ලබන අත්‍යවශ්‍ය සේවා සඳහා ඇඳිරි නීති කාලය තුළ ගමන් කිරීමට ඔවුන්ගේ සේවා හැඳුනුම්පත, ඇඳිරි නීති බලපත‍්‍රයක් ලෙසට භාවිතා කිරීම සඳහා ලබා දුන් අවසරය මෙම මස 30 වන දින තෙක් ‍වලංගුය.
 
 එමෙන්ම අත්‍යාවශ්‍ය සේවා සඳහා මෙම මස 10 වැනිදා තෙක් ලබා දුන් ඇඳිරි නීති බලපත‍්‍රවල වලංගු කාලය ද මෙම මස 30 වන දා දක්වා දීර්ඝ කර තිබේ.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles