Divaina - ජනපතිගේ මැදිහත් වීමෙන් කොරෝනා සටන අතරේ රෝගීන්ට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරීම ඇරඹේ

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 gota
 
 සමන් ගමගේ
 
කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සම`ග මෙරට විවිධ රෝගීන්ට අවශ්‍ය ඖෂධ වර්ගවල සැපයීම් අඩාල වීමත් සම`ග එම ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව මේ වන විට මෙරට පිළිකා රෝගීන්ට ලබා දෙන ඉතා මිල අධික ඖෂධ පවා මෙරටදීම නිෂ්පාදනය කිරීමේ කටයුතු ඇරඹී තිබෙන බව එහි ප‍්‍රකාශකයෙක් පැවසීය.
 
 වත්මන් තත්ත්වයට මුහුණ දීම ස`දහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ දිරි ගැන්වීම අනුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ යන මහත්වරුන්ගේ ඍජු අධීක්‍ෂණය යටතේ මේ වන විට අදාළ නිෂ්පාදන කි‍්‍රයාවලිය ඇරඹී ඇත.
 
 එම කටයුතු වඩාත් කාර්යක්‍ෂමව සිදු කිරීම ස`දහා ඖෂධ නිෂ්පාදන කටයුතු වෙනුවෙන් නව කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමටද රජය මූලික පියවර ගෙන තිබේ.
 
 කොරෝනා වසංගතය පරාජය කිරීමෙන් පසුවද මෙම ඖෂධ නිෂ්පාදන කි‍්‍රයාවලිය අඛණ්ඩව සිදු කිරීමට නියමිතව තිබෙන අතර ඒ අනුව එම`ගින් ශී‍්‍ර ලංකාවට ඖෂධ ගෙන්වීම ස`දහා වැයවන අතිවාශාල විදේශ විනිමයක් ඉතිරිකර ගැනීමටද අවස්ථාව උදාවනු ඇත.
 
 කෙසේ වෙතත් අදාළ ඖෂධ නිෂ්පාදන කටයුතු ආර්මභ කිරීමත් සම`ග මෙරට ඖෂධ මාෆියාවෙන් එම කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බවද වාර්තා වේ
  

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles