Divaina - අවදානම් රහිත දිස්ති‍්‍රක්කවල අද උදේ 6 සිට සවස 4 දක්වා ඇඳිරිය ඉවතට

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 
 ලසිත දුමින්ද සිරිමන්ත රත්නසේකර
 
අවදානම් දිස්ති‍්‍රක්ක හැර සෙසු දිස්ත‍්‍රික්කවලට පනවා තිබෙන ඇඳිරි නීතිය අද (09 වැනිදා) තාවකාලිකව ඉවත් කෙරේ.
මේ අනුව අද උදේ 6.00 ට ඇඳිරි නීතිය ඉවත් කෙරෙන අතර, යළිත් පස්වරු 4.00 ට ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක වන බව ජනාධිපති කාර්යාලය පවසයි.
 
 කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉහළ අවධානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන තිබෙන කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත‍්‍රික්කවලට පනවා තිබෙන ඇඳිරි නීතිය නැවත දන්වන තුරු දිගටම ක‍්‍රියාත්මක වනු ඇත.
 
 අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත‍්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. අත්‍යවශ්‍ය සේවා කාර්යක්‍ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක‍්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක‍්‍රියාත්මක කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පොලිසියට උපදෙස් දී තිබේ.
 
 කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ක‍්‍රියාත්මක කරන ක‍්‍රමවේදවලට අනුකූලව කටයුතු කරන ලෙසට රජය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles