Divaina - කොළඹ අනුරාධපුර ප‍්‍රදේශ කිහිපයක අද ජලය කපයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 
 සිරිමන්ත රත්නසේකර
 
කොළඹ සහ අනුරාධපුරයේ ප‍්‍රදේශ කිහිපයක ජල සැපයුම අද ( 09 වැනිදා ) පැය කිහිපයකට තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි .
 
 ඒ අනුව කොළඹ නවගම්පුරය, කොළඹ 09 සහ කොළඹ 14 යන ප‍්‍රදේශයන්හි දහවල් 1.00 සිට පසුදින පෙරවරු 7.00 දක්ව පැය 18 ක කාලයක් තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.
 
 මීට අමතරව කොළඹ 13 සහ කොළඹ 15 ප‍්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය ලබා දෙන බව සඳහන් කරන එම මණ්ඩලය අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙසේ ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව පවසයි.
 
 එසේම අනුරාධපුර නගරය, විජයපුර, තුරුවිල, තලාව සහ නාච්චාදූව යන ප‍්‍රදේශයන්හි ජල සැපයුම අද 09 වැනිදා පෙරවරු 8.00 සිට පසු දින (10 වැනිදා ) පෙරවරු 8.00 දක්වා පැය 24ක කාලයක් තාවකාලිකව අත්හිටුවන බව එම මණ්ඩලය කියයි .
 
 අනුරාධපුර ප‍්‍රදේශය ට එසේ ජලය තාවකාලිකව අත්හිටුවන්නේ තුරුවිල ජල පවිත‍්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් බවද ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියේය.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles