Divaina - ‘‘විරු අභිමන්’’ කොවිඞ් 19 වසංගතයට එරෙහිව සටන් වදින රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් රු. ලක්ෂ 15 ක ආවරණයක්

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 slic
 
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාජ වගකීම් ඉටුකරන ව්‍යාපාර ආයතනයක් ලෙසින් කොවිඞ් 19 ට එරෙහිව සටන් වදින රාජ්‍ය සේවයේ යෙදී සිටින සේවකයින්ට 2020 වර්ෂයේදී කොවිඞ් 19 හේතුවෙන් උද්්ගතවන අවාසනාවන්ත තත්ත්වයකදී කිසියම් ජීවිත අහිමිවීමක් සිදුවුවහොත් ඔවුන්ගේ පවුල් ස`දහා ‘විරු අභිමන්’ නමින් මූල්‍ය ආවරණයක් නොමිලේ ලබාදීමට කටයුතු කර තිබේ.
 
 මෙම ‘විරු අභිමන්’ ආවරණය මගින් සියලූම රාජ්‍ය අංශයේ සෞඛ්‍ය කාර්්‍ය මණ්ඩල (සෞඛ්‍ය අමාත්‍යාංශ නිළධාරීන්, වෛද්‍යවරුන්, හෙදියන්, සහායකයින්, රියදුරන්, සු`ඵ සේවකයින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කළාප සෞඛ්‍ය නිළධාරීන්) ත‍්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ( ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ‍්‍රී ලංකා නාවික හමුදාව, ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව) ශ‍්‍රී ලංකා පොලීසිය සහ සිවිල් ආරක්ෂක බළකාය, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්ෂේත‍්‍ර නිළධාරීන් ඇතු`ඵ කාර්ය මණ්ඩලය, දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවල කාර්ය මණ්ඩලය සහ තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ආවරණය වන අතර ජීවිත අහිමිවීමකදී ඔවුන්ගේ පවුල් ස`දහා රු. ලක්ෂ 15ක් දක්වා වූ මුදලක් ලබාදෙනු ලැබේ.
 
 තවද ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රු. ලක්ෂ 50 ක මුදලක් පසුගියදා කොවිඞ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙත පරිත්‍යාග කරන ලදී.
 
 ජාතික රක්ෂකයා ලෙසින් මෙම අවස්ථාවේ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ ප‍්‍රධාන පරමාර්ථය වන්නේ කොවිඞ් 19 වසංගතයෙන් රට ආරක්ෂා කරගැනීමේ ජාතික වැඩපිළිවෙල ස`දහා පෙරමුණ ගෙන සිටින රාජ්‍ය අංශයේ සේවකයින්ගේ සහ ත‍්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්ගේ පවුල් සුරක්ෂිත කරමින් සිය ජාතික වගකීම ඉටුකිරීමයි.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles