Divaina - මහරගම අපේක්ෂා රෝහලට ප‍්‍රතිකාර ගන්න පැමිණි අයෙකුට කොරෝනා...වෛද්‍යවරු ඇතු`ථ 14ක් නිරෝධායනයට

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 apeksha
 
 ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 
ප‍්‍රතිකාර ගැනීමට පැමිණි පුද්ගලයකු කොරෝනා ආසාදිත පුද්ගලයකු බවට තහවුරු වීමත් සමග ඔහුට නිරාවරණය වූ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු 14 දෙනකු නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බව අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ”‍දිවයින”‍ට ඊයේ (06 වැනිදා) පැවැසීය.
 
 යොමු කළ පිරිස අතර වෛද්‍යවරුන් 4 දෙනකුද, හෙද නිලධාරීන් 6 දෙනකුද, සුළු සේවකයින් 4 දෙනකුද වන බව හෙතෙම කියා සිටියේය.මෙහිදී තවදුරටත් කතාකළ ඒ මහතා මෙසේද කීය.
 
 ”‍මේ රෝගියා රෝහලෙන් ප‍්‍රතිකාර ගන්න ආ අවස්ථාවේ අපේ රෝහල් කාර්ය මණ්ඩලය මොහුව හදිසි ප‍්‍රතිකාර ඒකකය වෙත යොමුකර තිබෙනවා. මොහු පෝළිම් පනිමින් එනකොට මොහුගේ සැකසහිත හැසිරීම ගැන රෝහල් කාර්ය මණ්ඩලය දැක තිබෙනවා. පසුව මොහුව පරීක්ෂාවට ලක්කර ඔහුගේ රුධිර සාම්පල් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට පසුගිය සෙනසුරාදා යොමුකර තිබුණා. ඔහුගේ රුධිර සාම්පල් පොසිටිව් බව එම ආයතනයෙන් දන්වා එවා තිබුණා. පසුව අපි රෝගියාව හෝමාගම රෝහලට යොමුකළා. ඔහුට නිරාවරණය වූ අපේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය දැන් නිරෝධායනය සඳහා යොමුකළා.
 
 අපේ රෝහලේ ළමයි 150 ක් විතර ඉන්නවා. මේ ළමයින්ට කොරෝනා වැළදුනොත් ඔවුන්ට අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ රෝහලට එනකොට ඇත්ත කියන්න.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles