Divaina - ජනාධිපතිට කොරෝනා වැළඳී ඇතැයි බොරු ප‍්‍රචාර පැතිරූ - වාද්දුවේ නැටුම් ශිල්පිණිය රිමාන්ඞ්

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 
 ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ ඒ.ජේ.ඒ. අබේනායක
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කොරෝනා වෛරසය වැළදී ඇති බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය තොරතුරක් පළකිරීම සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගත් සැකකාරිය කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
 
 මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ වාද්දුව, මහවිහාර මාවතේ පදිංචි 41 හැවිරිදි තැනැත්තියකි. මැය නර්තන ශිල්පිණියක් බව පොලිසිය කියයි.
 
 මේ අතර අන්තර්ජාලය භාවිතා කරමින් විවිධ අසත්‍ය ප‍්‍රචාර පතුරුවන සහ හුවමාරු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක‍්‍රියාත්මක බව පොලිස් මුලස්ථානය පවසයි.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles