Divaina - ආසාදියන් 178 දක්වා ඉහළට...රසායනාගාර පරීක්‍ෂණ කටයුතු පුළුල් කරනවා - සෞඛ්‍ය සේවා අධ්‍යඣෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 
 සමන් ගමගේ
 
කොරෝනා අසාදිතයන් හ`දුනා ගැනීම ස`දහා සිදු කරනු ලබන රසායනාගාර පරීක්‍ෂණ කටයුතු තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ස`දහන් කළේය.
ඒ ස`දහා දැනටමත් වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවද ඒ මහතා පැවසීය.
 
 තවත් කොරෝනා රෝගීන් දෙදෙනකු ඊයේ (06 වැනිදා) දිනයේදීද හ`දුනාගනු ලැබූ අතර ඒ අනුව සමස්ත රොගීන් සංඛ්‍යාව 178 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද පැවසූ අනිල් ජාසිංහ මහතා ඉදිරි දිනවල පවතින අවදානම් සහිත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව සමාජ දුරස්ථභාවය නිසි පරිදි පවත්වාගෙන යෑම ඉතාම වැදගත් වන බවද කීය.
 
 කොරෝනා මර්ධන මධ්‍යස්ථානයේදී ඊයේ (06 වැනිදා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අනිල් ජාසිංහ මහතා මේ බව පැවසීය.
 
 වෛරසය අසාදනය වී ඊයේ හ`දුනාගත් රෝගීන් දෙදෙනා අතරින් එක් පුද්ගලයකු ජාඇළ ප‍්‍රදේශයේ ති‍්‍රරෝද රථ රියැදුරකු බවද කී අනිල් ජාසිංහ මහතා ඔහුට විශාල සබ`දතා ජාලයක් තිබී ඇති අතර මේ වන විට කරුණු විමසමින් ඒ පිළිබ`ද සොයා බැලීම ආරම්භ කර තිබෙන බවද ස`දහන් කළේය.
 
 හ`දුනාගත් අනිත් රෝගියා පුත්තලම ප‍්‍රදේශයේ කාන්තාවක් බවද ඒ මහතා පැවසීය.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles