Divaina - ලෝකය පුරා කොවිඞ් මරණ හැත්තෑදහස පනී - ආසාදිතයෝ 1287168 ක්

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 
 ලසිත දුමින්ද
 
ලෝකයේ කොවිඞ් 19 රෝගයට ගොදුරු වූ සංඛ්‍යාව ඊයේ (06 වැනිදා) පස්වරුව වන විට 1287168 ක් ලෙස වාර්තා වී තිබිණි.
 
මියගිය සංඛ්‍යාව 70533 කි. 271887 ක් සුවය ලබා තිබේ. ඉතාලියෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත. එම සංඛ්‍යාව 15887 කි. ආසාදිත සංඛ්‍යාව 128948 වශයෙන් ක් වාර්තා වී ඇත.
 
 ආසාදිතයන් වැඩිම ප‍්‍රමාණයක් ඇමරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 336851 කි. මරණ සංඛ්‍යාව 9620 කි. ස්පාඤ්ඤයෙන් මරණ 13055 ක් වාර්තා වන අතර, 135032 ක් ආසාදිතයන් ලෙසින් වාර්තා වී තිබේ.
 
 ජර්මනියෙන් මරණ 1584 ක් වශයෙන් වාර්තා වී තිබෙන අතර, 100132 ක් වෛරසයට ගොදුරු වී ඇත. ප‍්‍රංශයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 8078 කි. ආසාදිතයන් 92839 කි.
 
 චීනයෙන් මරණ 3331 ක් වාර්තා වී තිබෙන අතර, ආසාදිතයන් සංඛ්‍යාව 81708 ක් වශයෙන් වාර්තා වී තිබේ. ඉරානයෙන් මරණ 3739 ක් සිදුව ඇති අතර, 60500 ක් ආසාදිතයන් ලෙස වාර්තා වී තිබේ.
 
 එංගලන්තයේ 4934 ක් ජීවිතක්‍ෂයට පත්ව තිබේ. 47806 ක පිරිසක් රෝගයට ගොදුරු වී ඇත.
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles