Divaina - කොරෝනා මර්දනයට දේශීය වෛද්‍යවරුන්ගේ සහාය ලබා ගැනීමට රජය සූදානම් - යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 
 සමන් ගමගේ
 
කොරෝනා වෛරසය මර්දනය කිරීමේ කි‍්‍රයාවලියේදී දැනට කි‍්‍රයාත්මක ප‍්‍රතිකාර ක‍්‍රමවේදයන්ට අමතරව දේශීය වෛද්‍ය ක‍්‍රමවල සහාය ලබා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අගමැති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් ප‍්‍රධාන රජයේ අවධානය යොමුව ඇතැයි ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.
 
 ඒ අනුව පෙරේදා ( 5 වැනිදා) දේශීය වෛද්‍යවරුන් පනස් දෙනකු සම`ග කොරෝනා මර්ධන කාර්ය සාධක බළකාය විශේෂ සාකච්ඡාවක් පැවත්වූ බවද යුද හමුදාපතිවරයා ස`දහන් කළේය.අයුර්වේද වෛද්‍යවරුන්, දේශීය හෙළ වෙදැදුරන්, හොමියොපිත සහ නිල වෛද්‍ය ක‍්‍රමයේ වෛද්‍යවරුන් එම කණ්ඩායමට අයත් වූ බවද හමුදාපතිවරයා පැවසීය.
 
 කොරෝනා මර්ධන මධ්‍යස්ථානයේදී ඊයේ (06 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ස`දහන් කළ යුද හමුදාපතිවරයා දැනටමත් එම වෛද්‍යවරුන් යම් යම් ක‍්‍රම ඉදිරිපත් කර ඇති අතර සැළසුම්සහගත වැඩපිළිවෙළක් තුළින් ඒ ස`දහා යොමුවීමට බලාපොරොත්තු වන බවද පැවසීය.එසේම ති‍්‍රවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල ර`දවා සිටි තවත් 203 දෙනකු ඊයේ (06වැනිදා) දිනයේදී නිරෝධායනය අවසන් කර පිටව ගිය බවද යුද හමුදාපතිවරයා ස`දහන් කළේය.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles