Divaina - සමාගමක් අධිකරණ නියෝග කඩකර මළ අපද්‍රව්‍ය බවුසර 30ක් පරිසරයට මුදා හැරලා...කැලණි ගෙ`ග් පානීය ජලයට අසූචි මිශ‍්‍රවීමේ අවදානමක්

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 kelani
 
 සිරිමන්ත රත්නසේකර
 
ඇඳිරි නීති සමයේ පවතින නිහඬතාවය ප‍්‍රයෝජනයට ගනිමින් මෙරට ප‍්‍රධාන සමාගමක් කැලණි ගඟට ඉතා ආසන්න කඩුවෙල ප‍්‍රදේශයේ පහත් බිමකට මළ අපද්‍රව්‍ය සහිත ගලි බවුසර් තිහක් පමණ මුදා හැරීම හේතුවෙන් දැඩි පාරිසරික හානියක් සිදුවෙමින් පවතින බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා ඊයේ (06 වැනිදා ) ”‍ දිවයින ”‍ට අනාවරණය කළේ ය.
 
 කඩුවෙල වෙලේ හන්දිය  යන ස්ථානයේ පහත් බිමක අඩි 35ක් පමණ ගැඹුරු වළක් වෙත මෙලෙස ගලි බවුසර මුදා  හැර ඇති බවත්  යම් හෙයකින් එය කැලණි ගඟට මුසුවුව හොත් බියගම හා අඹතලේ ජල පවිත‍‍්‍රාගාර දෙකට සැපයෙන ජලය දුෂණය වීමේ අවදානමක් පවතින බවත් හෙතෙම පැවසීය.
 
 මෙම සමාගමට අදාළ ස්ථානයට කසල බැහැර නොකරන ලෙස අධිකරණය නියෝග නිකත් කර තිබියදී මෙලෙස ගලි බවුසර ගෙනවිත් දමා ඇති බව ද මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේය.
 
 යම් හෙයකින් ඉදිරි දින කිහිපය තුළ මහ වැසි ඇදඇදහැලූ‍ණු හොත් මෙම අපද්‍රව්‍ය කැළණි ගඟට මුසු වීම නතර කිරීමට නොහැකිවනු ඇතැයි ද හෙතෙම කියා සිටියේ ය. මේ පිළිබඳව කඩුවෙල අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති බවත් සඳහන් කළ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වරයා මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩුවෙල පොලීසිය  උදාසීන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් බවත් චෝදනා කළේය .
 
 පසුගිය මාර්තු 16 වෙනිදා මෙම අපද්‍රව්‍ය බැහැර කර ඇතැයි සඳහන් කළ හෙතෙම හෙට ( 09 වැනිදා )  නැවත මේ සම්බන්ධයෙන් වන නඩුව කඩුවෙල අධිකරණයේදී විභාග වන බව කීවේය.
 
  මෙම අපද්‍රව්‍ය කැළණි ගඟට මුසු වුවහොත් පානීය ජලය ලබාදීමට ගැටලූ‍වක් වන්නේ ද යන්න පිළිබඳව ජාතික  ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආර්.එස්. රුවිනිස් මහතාගෙන් ”‍දිවයින”‍ කළ විමසීමේදී ඒ මහතා සඳහන් කළේ යම් හෙයකින් එසේ වුවත් පිරිසුදු පානීය ජලය ලබා දීමට  තම මණ්ඩලය අනිවාර්යයෙන්ම කටයුතු කරන බවයි.
 
 ඒ ගැන කිසිදු සැක සංකාවක් පාරිභෝගිකයන් තබා ගත යුතු නැති බවත් කී හෙතෙම ජලයේ පිරිසිදු කම සහතික කරන බවත් සඳහන් කළේ ය .
 
 එසේම ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙවැනි අපද්‍රව්‍ය භාර ගැනීමට තම මණ්ඩලයේ ස්ථාන පවතින බැවින් එවැනි ස්ථාන වෙත ගලි බවුසර ගෙනැවිත් යොමු කරන ලෙස සැමගෙන් ඉල්ලා සිටින සිටින බවත් ය.
 
 එසේ වුවත් දින 22 ක් ගතවන තුරුත් ඒ සම්බන්ධ නිසි ක‍්‍රියාමාර්ග ගෙන නැති බව කී අමරසිංහ මහතා පවතින තත්ත්වය යටතේ කැලණි ගෙඟ් පානීය ජලය පිළිබද ප‍‍්‍රශ්නයක් ඇති වීමෙන් වැළැක්වීමට යෙදිය හැකි උපක්‍‍්‍රම පිළිබදව සොයමින් සිටින බවත් කියා සිටියේය.

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles