Divaina - අත්අඩංගුවට ගත් කොල්ලකරුවන් දෙදෙනකුට කොරෝ රෝග ලක්ෂණ...කැකිරාව පොලිසියේ නිලධාරීන් හත් දෙනකු නිරෝධායනයට

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 
 හේමන්ත රන්දුණු
 

කැකිරාව පොලිසියේ නිලධාරීන් හත්දෙනෙක් ඊයේ (06 වැනිදා) සිට කැකිරාව රෝහලේ විශේෂ වාට්ටුවක නිරෝධායනයට ලක්කර ඇත.
 
 කොල්ලකෑම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අපරාධකරුවන් දෙදෙනෙකු කොරෝනා රෝග ලක්ෂණ පහල කිරීම නිසා මෙම පොලිස් නිලධාරින් හත්දෙනා නිරෝධායනයට ලක් කිරීමට සිදු වී ඇති බව පොලිසිය පවසයි.
 
 කැකිරාව ප‍්‍රදේශයේ කොල්ලකෑමක් සිදුකළ අපරාධකරුවන් දෙදෙනෙක් පලා යද්දී පොලිස් නිලධාරීන් ඔවුන් ලූහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන තිබිණි.
 
 එම අපරාධකරුවන් දෙදෙනා කොරෝනා රෝග ලක්ෂණ පහළ කිරීම නිසා ඔවුන් කැකිරාව සහ අනුරාධපුර රෝහල්වලට ඇතුළත් කර ඇත.
 
 අපරාධකරුවන් දෙදෙනා ලූහුබැඳ ගොස් ඔවුන් අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙන එ්මට කටයුතු කළ පොලිස් නිලධාරින් හත්දෙනා මෙසේ නිරෝධායනයට ලක් කිරීමට සිදු වූ බව උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා පැවැසීය.
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles