Divaina - ඇමරිකාවේ ව්‍යාඝ‍්‍රයෙකුට කොරෝනා

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 
 
 
ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ බ‍්‍රන්ක්ස් සත්වෝද්‍යානයේ මැලේසියානු ව්‍යාඝ‍්‍රයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පරීක්ෂණයකින් හෙළිවී ඇත.  නාඩියා නම් මෙම ව්‍යාඝ‍්‍රයා වයස අවුරුදු හතරක් වන ගැහැණු සතෙකි. මෙය ඇමරිකාවේ දී සතෙකුට කොවිඞ් -19 ආසාදනය වූ ප‍්‍රථම අවස්ථාව බවට විශ්වාස කෙරේ.
 
 නිව්යෝර්ක් නගරයේ බ‍්‍රන්ක්ස් සත්ව උද්‍යාන පාලකයින් පවසන්නේ ලෝවා හි ජාතික පශු වෛද්‍ය විද්‍යාගාරය විසින් පරීක්ෂණ ප‍්‍රතිඵල තහවුරු කර ඇති බවයි.නාඩියාට අමතරව සත්වෝද්‍යානයේ සිටින වෙනත් බිළාල වර්ගයේ දැවැන්තයින් හයදෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇතැයි සැකකරන බව ඔවුහු පවසති.
 
 නාඩියාගේ සොහොයුරිය වන අසුල්ට සහ තවත් ව්‍යාඝ‍්‍රයින් දෙදෙනකුට ද අප‍්‍රිකානු සිංහයන් තිදෙනකුට ද මෙලෙස කොවිඞ් ආසාදනය වී ඇතැයි සැක කෙරේ.
 
 රෝග ලක්ෂණ නොපෙන්වූ කොවිඞ් ආසාදිත සත්වෝද්‍යාන සේවකයෙකු මාර්ගයෙන් මෙම සතුන්ට රෝගය බෝවන්නට ඇතැයි සැලකේ. රෝගී සතුන්, වියළි කැස්සක්, ආහාර අරුචියක් ඇතුළු රෝග  ලක්ෂණ පෙන්නුම් කර ඇත.කෙසේ වුවද මේ වනවිට සතුන් සියලූ‍ දෙනා සුවය ලැබීමේ සලකුණු පෙන්නුම් කරන බව සත්වෝද්‍යානය පවසයි.
 
 සුරතල් සතුන්ට කොරෝනා වයිරසය ආසාදනය වන බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර ඔවුන් රෝගී වීමට හෝ රෝගය පතුරුවන්නන් විය හැකි බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ද සත්වෝද්‍යානය පවසයි.
 
 කොවිඞ් -19 පිළිබඳ පර්යේෂණ කරන වෙනත් සත්වෝද්‍යාන හා ආයතන වලට මෙම සොයාගැනීම් ඇතුළු තොරතුරු ලබාදීමට අදහස් කරන බව සත්වෝද්‍යානයේ ප‍්‍රධාන පශු වෛද්‍ය පෝල් කැලේ මහතා පවසයි.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles