Divaina - සංගීත ශිල්පි ජයන්ත රත්නායක අභාවප‍්‍රාප්ත වෙයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 jayantha
 
 දිනේෂ් විතාන
 
ගායන හා වාදන ශිල්පී ජයන්ත රත්නායක මහතා ඊයේ පෙරවරුවේ අභාවප‍්‍රාප්ත විය. 51 වැනි වියේ පසු වූ ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත.
 
 දියණියක සහ පුතෙකුගේ පියකු වන ජයන්ත රත්නායක මහතා ප‍්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුතුවේ. සිහශක්ති වාද්‍ය වෘන්දයේ ඕගන් වාදක ශිල්පියෙකු ලෙස කටයුතු කළ ඔහු මිය යන විටද ගායකයෙකු මෙන්ම විදුලි ඕගන් වාදකයෙකු ලෙසද කටයුතු කළේය.
 
 දේහය ඊයේ පස්වරුවේ තලංගම කොස්වත්ත මහින්ද පනාගොඩ මල්ශාලාව වෙත රැගෙන ගොස් ඇති අතර අවසන් කටයුතු අද පස්වරු 3.00 ට තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles