Divaina - අලූත් බෙහෙත් රසායනාගාර පරීක්‍ෂණයකින් තොරව රජයේ රෝහල්වලට දාන කතාව බොරුවක්

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta


 
 
 ඒමන්ති මාරඹේ
 
 සතුන් උපයෝගී කර ගනිමින් පර්යේෂණය කර අලූතින් සොයා ගන්නා බෙහෙත් වර්ග කිසිදු සායනික පරීක්ෂාවකින් තොරව මෙරටට ගෙන්වා රජයේ රෝහල්වලට සපයන බවට ‘සුරකිමු ශ‍්‍රී ලංකා සංවිධානය’ විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාට එල්ල කර ඇති චෝදනාව සාවද්‍ය හා පදනම් විරහිත චෝදනාවක් බව ශ‍්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති හා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා 27 වැනිදා ප‍්‍රකාශ කළේය.
 
 මෙරටට ගෙන්වනු ලබන සියලූ බෙහෙත් වර්ග නිසි ක‍්‍රමවේදයකට අනුව සායනික පරීක්ෂාවකින් පසු ගෙන්වීම නිසා ඒවා භාවිත කිරීමට රෝගී ජනතාව කිසිදු විටක බිය නොවිය යුතු බව පැවසූ වෛද්‍ය විජේවික‍්‍රම මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා විසින් අදාළ සංවිධානය ප‍්‍රකාශ කර ඇති පරිදි තනිව කිසිදු බෙහෙතක් මෙරටට ගෙන්වා බෙදා හැර නොමැති බවත් මෙරටට ගෙනෙන සියලූ බෙහෙත් වර්ග විශේෂඥ වෛද්‍ය මඩුල්ලක අධීක්ෂණය යටතේ ගෙන්වන බවත් සඳහන් කළේය.
 
 කොළඹ නොරිස් කැනල් පාරේ පිහිටි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ශ‍්‍රවණාගාරයේ පැවැති විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ජාවක් අමතමින් ඔහු මේ බව පැවසීය.
 
 මෙහිදී අදහස් දැක්වූ ඖෂධ නියාමන අධිකාරියේ ප‍්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා කියා සිටියේ ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතාට එරෙහිව සාවද්‍ය චෝදනා නගන සංවිධානය කිසියම් දේශපාලන අරමුණක් මත එවැන්නක් කිරීමට පෙළඹී ඇති බව විශ්වාස කරන බවයි. එමෙන්ම මහාචාර්ය සිල්වා මහතාට ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ධුරය දැරීමට සුදුසුකම් නොමැති බව හා අධිකරණ තීන්දුවක් ඔහුට එරෙහිව තිබිය දී සභාපති ධුරයේ රැුඳී සිටින බවට ගෙන යන ප‍්‍රචාරය ද අසත්‍ය බව ඔහු සඳහන් කළේය.
 
 වසර 20කට වැඩි අත්දැකීම් සහිත ඖෂධවේදය පිළිබඳ මහාචාර්යවරයකු වන මහාචාර්ය අසිත ද සිල්වා මහතා පත් කරන ලද ක‍්‍රමවේදයේ ඇති අඩුපාඩුවක් හේතුවෙන් ඔහු ධුරයෙන් ඉල්ලා අස් වූ බවත් පසුව අධිකාරියේ නිලධාරීන්ගේ ඉල්ලීම මත නැවත එම තනතුරට මහාචාර්යවරයා පත් වූ බවත් හෙතෙම සඳහන් කළේය.
 
 මේ අතර ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වී මෙරටට බෙහෙත් වර්ග විසි ගණනක් ගෙන්වීමෙහි නිරතව සිටින බෙහෙත් ආනයන සමාගමට එරෙහිව ආරක්ෂක අමාත්‍යංශය විසින් සිදු කර ඇති ව්‍යාජ බෙහෙත් වර්ගයක් මෙරටට ගෙන්වීමේ චෝදනාව පිළිබඳව ඖෂධ නියාමන අධිකාරියේ කමිටුවක් විසින් මෙම දිනවල විමර්ශනය කරනු ලබන බවත් එම විමර්ශනය නිසා අදාළ සමාගම හරහා බෙහෙත් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවත් තවමත් එම සමාගම අසාදු ලේඛනයට (බ්ලැක් ලිස්ට්* ඇතුළත් කර නොමැති බවත් වෛද්‍ය ජයසිංහ පැවසුවේය.
 
 ඉහත කී සමාගම හරහා මෙරටට ගෙන්වූ බෙහෙත් වර්ග වෙනත් ආනයනකරුවන් හරහා ලබා ගැනීමට කටයුතු කළ හැකි නිසා රජයේ රෝහල්වලට එම බෙහෙත් සැපයීමේ ගැටලූවක් පැන නැගී නොමැති බවද ඔහු කීවේය.

 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles