Divaina - ළමා අපචාරය අන්තර්ජාලයට දැමූ පුද්ගලයා ගැන තොරතුරු හෙළිවෙයි... ළමා ආරක්ෂක අධිකාරිය තාමත් සැකකරුවන් අත්අඩංගුවට අරන් නැහැ

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

 ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 
 පසුගිය සති කීපයේ දී සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ කුඩා දැරියක අපයෝජනයට ලක්කරන දර්ශන ඇතුළත් වීඩියෝව මුදාහළ පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර ගෙන ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
 
 මේ සම්බන්ධයෙන් අධිකාරියේ අන්තර්ජාල ආවේක්ෂණ ඒකකය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය සිදුකළ විමර්ශනවල ප‍්‍රතිපලයක් ලෙස මෙම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර ගෙන ඇතැයි ද හෙතෙම කීය.
 
 මෙම අපයෝජනයට ලක්වූ දැරිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් දැනගන්නට නැතැයි ද හෙතෙම සඳහන් කළේය.
 
 වීඩියෝවට අදාළ සිදුවීම සම්බන්ධයෙන් ද රංගන ශිල්පිනියකගෙන් ද ප‍්‍රකාශයක් ලබා ගෙන ඇති බවත්, ඇය විසින් ඉදිරියේ දී තවත් තොරතුරු ලබාදීමට නියමිත බවත් ඒ මහතා සඳහන් කළේය.
 
 මෙම අපයෝජනය සිදු කළ පුද්ගලයා සම්බන්ධයෙන් ද කිසිදු තොරතුරක් දැනගන්නට නැතැයි ද හෙතෙම කියා සිටියේය.
 
 මෙම සිදුවීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව විවේචන එල්ල කළ ද මෙය ළමා අපයෝජන සිදුවීමක් බැවින් මෙය සංවේදී ලෙස විමර්ශන කළ යුතුව ඇතැයි ද ඒ මහතා කීවේය.
 
 මේ අතර මාදිවෙල ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පරිශ‍්‍රයේ දී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා වූ තරුණ පෙළගැස්ම සංවිධානයේ නීතීඥ කෞශල්‍යා ආරියරත්න මහත්මිය මෙසේ පැවසුවාය.
 
 ‘දැන් මේ අන්තර්ජාලයේ සංසරණය වූ අවුරුදු 6ක් පමණ වන බවට විශ්වාස කෙරෙන කුඩා දියණිය අපයෝජනයට ලක් කෙරෙන වීඩියෝව සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇති සමාජ කාරණාවක් බවට ලක්වෙලා. මේ සිද්ධිය සම්බන්ධයෙන් ළමා ආරක්ෂක අධිකාරියට දිගින් දිගටම පැමිණිලි ලැබී තිබියදීත් තාමත් මේ සැකකරුවන් අත්අඩංගුවට අරන් නැහැ. මේ පැමිණිල්ලට දැන් මාස එකහමාරක් වෙනවා.’
 
 ‘දැන් මේ වසරේ ජනවාරි මාසයේ දී පමණක් ළමා අපචාර සිදුවීම් 54ක් වෙලා තියෙනවා කියලා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ වුණා. අන්න ඒ නිසා මෙහි ප‍්‍රගතිය ගැන අහන්නයි අපි මේ අවේ. නමුත් අපිට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමා හම්බවෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. දැන් මේ කුඩා දැරිය අපයෝජනයට ලක්වෙලා තියෙනවා. ජනාධිපතිතුමා බලයට ආවේ රටේ ආරක්ෂාවට මුල්තැන දෙනවා කියලා. දැන් කෝ ජනාධිපතිතුමනි රටේ ආරක්ෂාව. මේ රටේ දරුවන්ට වන අපචාර දිනෙන් දින වැඩි වෙලා. නිල නොවන අපචාර කොච්චර මේ රටේ සිදුවෙනවාද? මේ දේ හෙට දවසේ ඔබේ දුවට පුතාට වෙන්න පුළුවන්. ඒ නිසා ජනාධිපතිතුමනි මේ ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා.
 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles