Divaina - ඊ. ඒ. පී. තැන්පත්කරුවෝ බොරැල්ලේදී පිස්සු නටති... මාධ්‍යවේදීන්ගේ බසය නවතන තැනත් අරක්ගෙන මහ මඟ යන එන අයටත් හිරිහැර

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta


 
 බොරැල්ලේ ඊ. ඒ. පී. ආයතනය ඉදිරියේ ඇති මාර්ගය ඊ. ඒ. පී. තැන්පත්කරුවන්ගේ බූදලයක් බවට පත් වී ඇත.
 
 මෙම ආයතනය ඉදිරියේ වසර 15 ක් තිස්සේ සවස් යාමයේ නතර කරන ජනමාධ්‍යවේදීන් සඳහා වූ ලංගම බස් රියට මේ තැන්පත්කරුවන් යැයි කියා ගන්නා අශිලාචාර පිරිසගේ තර්ජනයට මුහුණ දීමට සිදු වී තිබේ.
 
 මොවුන් එම බස් රියේ ගමන් කරන ජනමාධ්‍යවේදීන්ගේ ඡුායාරූප ද ගනිමින් පසුගියදා තර්ජනයක් එල්ල කර ඇත. අප මේ ගැන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු දැනුවත් කළ අවස්ථාවේ ඔහු පැවසුවේ එකී පිරිසගේ සියලූ කටයුතු නිරීක්ෂණය කරන බවයි.
 
 ඔවුන් නීති විරෝධීව උද්ඝෝෂණයක් පවත්වනවා. ඊට පොලිස් අවසරය ගෙන නැහැ. මාධ්‍යවේන්ට තර්ජනය කිරීමට හෝ ඔවුන් ඡුායාරූප ගැනීමට හිමිකමක් නැහැ යැයි එම නිලධාරියා පැවසීය.
 
 මාධ්‍යවේදීන්ට තර්ජනය කළ ඊ. ඒ. පී. තැන්පත්කරුවන් කීප දෙනෙක් හඳුනාගෙන ඇතැයි ද එම නිලධාරියා පළ කළේය.
 
 මේ ඊ. ඒ. පී. තැන්පත්කරුවෝ ඔවුන් සිටින ස්ථානයේ අය ද මාර්ගයේ යන වාහනවලට ද ‘හූ’ කියන බව අපට දැකගත හැකි විය.

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles