Divaina - සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට එජාප කෘත්‍යාධිකාරි අනුමැතිය හංසය ද අලිය ද ලකුණ ගැන හෙට තීරණයක්

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta



 
 
 
 අකිත පෙරේරා
 
 එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ අනෙකුත් පක්‍ෂ සන්ධානගත වෙමින් ගොඩනැගෙන සමගි ජනබලවේගයේ ව්‍යවස්ථාවට ඊයේ (28 දා* එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.
 
 ඉදිරි මහ මැතිවරණයට තරග කරන්නේ කුමන ලකුණකින් ද යන්න ගැන ඊයේත් අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි විය.
 
 
 ඉදිරි මහා මැතිවරණයට හංසයා ලකුණින් හෝ අලියා ලකුණින් තරග කිරීමට ඉඩ ඇති බව එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.
 
 හංසයා ලකුණ ලබාගැනීම සම්බන්ධයෙන් විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාර්ශ්වයේ පිරිසක් අද (29 දා* කරුණානායක මහතා සමග සාකච්ඡුා කරන බව ද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.
 
 එළැඹෙන ඉරිදා (01 දා* නැවතත් එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය රැුස්වෙන අතර එහිදී මහ මැතිවරණයට තරග කරන ලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
 
 අලූතෙන් ගොඩනඟන සමගි ජනබලවේගය සන්ධානයේ මධ්‍යම කාරක සභාවෙන් 66% ක බලය එක්සත් ජාතික පක්‍ෂයට හිමිවෙයි. එම 66% න් 15% ක සාමාජිකයන් මධ්‍යම කාරක සභාවට පත්කිරීමේ බලය සජිත් පාර්ශ්වයට හිමිවනු ඇත.
 
 ඉදිරි මහ මැතිවරණයට අපේක්‍ෂකයන් තේරීම මෙන්ම නාම යෝජනා ලැයිස්තුවට එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අනුමැතිය හිමිවිය යුතු බවද ඊයේ පැවති එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී තීරණය කෙරිණි.

 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles