Divaina - සී.සී.ටී.වී. ගැලවීම:... හිමිනම ඇතුළු 4 ක් රිමාන්ඞ්... කැලණියේ සිසුන් 27 කට වසර දෙකක පන්ති තහනමක්

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

 

හේමන්ත රන්දුණු - ලසිත දුමින්ද

කැලණිය විශ්වවිද්‍යාලයේ සවිකර තිබූ  සී.සී.ටී.වී. කැමරා පද්ධතිය ගලවා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිමිනමක් ඇතුළු ශිෂ්‍යයන් 27 දෙනකුට වසර දෙකක පන්ති තහනමක් පැනවීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කටයුතු කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කලණිය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය වෙනම පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති අතර සැකකාර ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට ද කටයුතු කරමින් සිටින බව විශ්වවිද්‍යාලයෙන් ලැබෙන ආරංචි මාර්ග පැවසීය.

මේ සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන සහ මාධ්‍ය ඒකකය මඟින් නිවේදනයක් ද නිකුත් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන අතර ගලවා ඉවත් කළ සී. සී. ටී. වී. කැමරා පද්ධතිය කඩිනමින් නැවත සවි කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කටයුතු කරමින් සිටී.

මේ අතර 2017/2018 අධ්‍යයන වර්ෂය අද (29 දා* දිනයෙන් අවසන් වන බැවින් අද පෙරවරු 8.00 න් පසු කැලණිය විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ‍්‍රය සියලූම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තහනම් ප‍්‍රදේශයක් බවට ප‍්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව අද පෙරවරු 8.00 ට පෙර සියලූම ශිෂ්‍ය ශිෂ්‍යාවන් නේවාසිකාගාරවලින් ඉවත් විය යුතු බවද පාලන අධිකාරිය දැනුම් දෙයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන සියලූම පාඨමාලා ඇතුළු සියලූම විභාග නැවත දැනුම් දෙනතුරු නොපැවැත්වෙන බව ද විශ්වවිද්‍යාල මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.

මේ අතර කැලණිය සරසවියේ සීසීටීවී කැමරා පද්ධතිය ගලවා ඉවත් කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිමිනමක ඇතුළු සරසවි සිසුන් සිවුදෙනකු ලබන 03 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහෙස්ත‍්‍රාත් රුවන් පතිරණ මහතා ඊයේ (28 දා* නියෝග කළේය.

මෙසේ රිමාන්ඞ් ගතකිරීමට නියෝගය ලැබුවේ මහනගේ දිල්ෂාන් හර්ෂණ විජේසිරි, විජ්ජාපතිලාගේ ධනුෂ්ක කැළුම් ප‍්‍රබෝධන මුදන්නායක, මඩවල ලේකම්ලාගේ ජනිත් ජනජය විශ්ව කීර්තිධර හා කොබෙයිතුඩුවේ සමිත හිමි නමැති අයයි.

විශ්වවිiාල භූමිය තුළ සීසීටීවී කැමරා සවිකිරීම සම්බන්ධයෙන් සිසුන් පැවැත්වූ උද්ඝෝෂණයක් අතරතුරදී කැමරා පද්ධතියට රුපියල් 2,654,836 කට අධික අලාභයක් කරමින් ගලවා දැමීමට මුල් වූ බව කියන සිසුන් 16 දෙනෙකු කිරිබත්ගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් අතරින් 12 දෙනකු පෙරේදා (27 දා* පොලිස් ඇප මත මුදා හැර තිබිණි.

පොදු දේපළ පනත යටතේ සැකකරුවන් මහර මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.


 
 

 

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles