Divaina - උණුසුම සති දෙකක්

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta


 
 ලසිත දුමින්ද
 
 දිවයිනට බලපා තිබෙන අධික උණුසුම් කාලගුණික තත්ත්වය සති දෙකක් පමණ පවතිනු ඇතැයි කාලගුණ විiා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
 ශ‍්‍රී ලංකාව හරහා හමා යන වියළි සුළං තත්ත්වය සහ වායුගෝලයේ ජල වාෂ්ප අඩුවීම මෙම තත්ත්වයට ප‍්‍රධාන හේතුවක් බව කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුක්ත කාලගුණ විiාඥ ජනක කුමාර මහතා ‘දිවයින’ට ඊයේ (28 වැනිදා* පැවසීය.
 
 සුළං රටාව වෙනස් වන තුරු උණුසුම් කාලගුණික තත්ත්වය පවතිනු ඇති බවත්, ඉදිරි සති දෙකක් පමණ අඩු වැඩි වශයෙන් උණුසුම පවතිනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
 
 එසේම වයඹ, බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වලට සහ මන්නාරම දිස්ත‍්‍රික්කයේ ඇතැම් ස්ථානවලට පවතින අධික උණුසුම් තත්ත්වය වැඩි වශයෙන් බලපාන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි. ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.
 
 මෙම කාලයේ දී වැඩි වශයෙන් ජලය පානය කරන ලෙසටත්, අධික වෙහෙසකාරී වැඩවලින් වැළකී සිටින ලෙසටත් සහ සුදු හෝ ලා පැහැති සැහැල්ලූ ඇඳුම් භාවිතා කරන ලෙසටත් කාලගුණ විiා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් මහජනතාවට දන්වා සිටියි.

 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles