Divaina - ශ‍්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ යෝජනාවට සහාය නොදක්වන්නැයි රවිනාථ එදා මංගලගෙන් ඉල්ලලා - උදය ගම්මන්පිල

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

re9 4ග‍්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා ඉදිරිපත් කළ 30/1 යෝජනාවට සමඅනුග‍්‍රහය දක්වා රට අමාරුවේ නොදමන ලෙස එවකට ජිනීවා නුවර ලංකාවේ නිත්‍ය නියෝජිතයා ලෙස කටයුතු කළ රවිනාථ ආරියසිංහ මහතා විසින් එවකට විදේශ ඇමතිවරයා ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතාගෙන් ලිඛිතව ඉල්ලා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී, පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. ගම්මන්පිල මහතා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ ඊයේ(25දා) පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දීය. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ 40/1 යන යෝජනාවට ලබා දුන් සමඅනුග‍්‍රාහකත්වයෙන් ඉවත් වීමට ලංකාණ්ඩුව තීන්දු කළා. මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න අහන අය නිතර අහන ප‍්‍රශ්න දෙකක් තිබෙනවා. පළමු ප‍්‍රශ්නය තමයි කවුරුත් දන්න 30/1 සහ සමඅනුග‍්‍රාහකත්වයෙන් ඉවත් වුණු 40/1 යන යෝජනා දෙක අතර වෙනස කුමක්ද? දෙවන ප‍්‍රශ්නය තමයි 40/1 යෝජනාවට ලබා දුන් සමඅනුග‍්‍රාහකත්වයෙන් ඉවත් වෙන්නේ ඇයි?

30/1 යෝජනාව කියන්නේ 2015 ඔක්තෝබර් මාසයේදී මානව හිමිකම් සභාවේ තිස්වන සැසියට ඉදිරිපත් කළ ලංකාව මානව හිමිකම් කඩ කළ බව පිළිගනිමින් ලංකාව බලය බෙදිය යුතුයි, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයි, ත‍්‍රස්තවාදීන්ට වන්දි ගෙවිය යුතුයි යුද අපරාධ පිළිබඳ විමර්ශනය කළ යුතුයි, සහ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුයි, යනාදි කරුණු ඇතුළත් යෝජනාවයි. ලංකාව එම යෝජනාවට සම අනුග‍්‍රාහකත්වය දැරීම නිසා ඒ යෝජනාවෙන් ලංකාවට එල්ල කළ චෝදනා සියල්ල ලංකාව පිළිගත්තා. සමස්ත ලෝක ඉතිහාසයේ තමන්ගේ රටට එරෙහිව ගෙනාපු යෝජනාවකට සම අනුග‍්‍රහය දක්වපු ලොව ප‍්‍රථම රට විදිහට වාර්තාවක් ශී‍්‍ර ලංකාව තබන්නේ ඔන්න ඔය 30/1 යෝජනාව සම්මත වූ අවස්ථාවෙයි.

30/1 යෝජනාවේ ක‍්‍රියාත්මක කාලය 2019 මාර්තු මාසයේ පැවැති මානව හිමිකම් සභාවේ 40 වන සැසියෙන් අවසන්. ඒ නිසා ඒ යෝජනාවේ අඩංගු කරුණු සියල්ලම ඉටුකරන මෙන් ශී‍්‍ර ලංකාවෙන් ඉල්ලමින් ද එකී කරුණු ඉටු කිරීමේ ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් සභාවේ 46 වන සැසියට ඉදිරිපත් කරන මෙන් මානව හිමිකම් කොමසාරිස්ගෙන් ඉල්ලමින් ද සම්මත කළ යෝජනාව තමයි 40/1 යෝජනාව කියන්නේ. ඒ වගේම යෝජනාවේ සඳහන් කරුණු ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රගතිය දැනට ජිනීවා නුවර පැවැත්වෙන 43 වන සැසියේ දී සාකච්ඡුා කිරීමට නියමිතයි.

ශී‍්‍ර ලංකාව 40/1 යෝජනාවට සමඅනුග‍්‍රාහකත්වය ලබා දීමෙන් සිදු වුණේ ඒ යෝජනාවේ අඩංගු කරුණු සත්‍ය බවට ලංකාව පිළිගැනීමයි. ලෝකයේ කිසිම රටක් තමන්ට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවකට සමඅනුග‍්‍රාහකත්වය දක්වා නෑ. සමඅනුග‍්‍රාහකත්වයෙන් ඉවත් වෙනවා කියන්නේ එකී යෝජනාවේ අඩංගු කරුණු ලංකාව පිළිගන්නේ නෑ කියන එකයි. අපිට සමඅනුග‍්‍රාහකත්වයෙන් ඉවත් වීමට තාක්ෂණික හේතු, හරයාත්මක හේතු සහ ප‍්‍රායෝගික හේතු යනාදී වශයෙන් හේතු වර්ග තුනක් තිබෙනවා.

සමඅනුග‍්‍රාහකත්වය දක්වන්න එපා කියා රවිනාථ ලිඛිතව මංගලට දැනුම් දීලා

ජනතාව විධායක බලය දුන් ජනාධිපතිගේ අනුමැතිය ලබා නොගැනීම, රාජ්‍ය පාලනය භාර වුණු ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලබා නොගැනීම, මහජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා නොගැනීම සහ මැතිවරණයේ දී එවැනි භයානක යෝජනාවකට සමඅනුග‍්‍රාහකත්වය ලබා දීමට ජනවරමක් ලබා නොගැනීම යන කාරණා තාක්ෂණික හේතු ලෙස පෙන්වා දෙන්න පුළුවන්. මේ සමඅනුග‍්‍රාහකත්වය ලබා දීලා රට අමාරුවේ දාන්න එපා කියලා එවකට ජිනීවා නුවර ලංකාවේ නිත්‍ය නියෝජිත ලෙස කටයුතු කළ රවිනාථ ආරියසිංහ මහතා විසින් එවකට විදේශ ඇමති මංගල සමරවීර මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබෙනවා.

අපි දැන් හරයාත්මක කාරණා ගැන බලමු. යුද අපරාධ කළ බවට නගන චෝදනා පිළිබඳ කිසිම සාක්ෂියක් නොමැති හිතළු වීම අතිශයින්ම හාස්‍යජනකයි. ඒ වගේම අපේ හමුදා යුද අපරාධ නොකළ බවට යුද සමයේ ලංකාවේ සිටි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත සහ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක නිලධාරි යන අය සැකසූ වාර්තා වලින් පැහැදිලි වෙනවා. ඒ වගේම සහන සැලසීමේ සංවිධාන සමූහයේ රැුස්වීම් වාර්තාවලවත් එවැන්නක් සඳහන් වෙන්නේ නෑ. 40,000ක් සාමාන්‍ය වැසියන් මැරුණා නම් එක්කෝ එසේ මිය ගිය 40,000 නම් ලැයිස්තුවක් තිබෙන්න ඕනෑ. නැතිනම් 40,000ක් මිය ගිය බවට තහවුරු වන සමූහ මිනී ගොඩවල් දැක්වෙන චන්ද්‍රිකා ඡුායාරූප තිබෙන්න ඕනෑ. මේ කිසිවක් නැති නිසා තමයි මේක හිතළුවක් කියා අපි කියන්නේ.

අතුරුදන් වූ බවට කියන සමහර පුද්ගලයන් සරණාගතයන් විධියට යුරෝපීය රටවලට ගිහින් තිබෙනවා. ඒ අයගේ තොරතුරු ලංකාණ්ඩුවට ලබා දුන්නොත් මිය ගියා කියන අය ඇත්තටම ඉන්නේ කොහේදැයි දැන ගන්න පුළුවන්.

ජිනීවා යෝජනා කි‍්‍රයාත්මක කිරීමෙන් තිබුණු  සංහිඳියාවත් නැති වෙලා

මේ යෝජනාවෙන් ඉවත්වීමට ප‍්‍රායෝගික හේතුවක් තිබෙනවා. පසුගිය ආණ්ඩුව සංහිඳියාව හදන්න කියලා මේ යෝජනාවෙන් කියා තිබෙන සෑම දෙයක්ම කළා. වසර පහක් පුරාවට කළා. අවසාන ප‍්‍රතිඵලය කුමක්ද? සංහිඳියාව වැඩි කරන්න ගිහින් තිබුණු සංහිඳියාවත් නැති කර තිබෙන බව පසුගිය ජනාධිපතිවරණයේ දී පෙනුණා. පසුගිය ජනාධිපතිවරණය තරමට ජනතාව වාර්ගිකව බෙදුණු මැතිවරණයක් ලංකා ඉතිහාසයේ නෑ. සිංහල ජනතාවගෙන් 70%ක් එක් අපේක්ෂකයකු තෝරා ගන්නා විට සුළු ජාතීන්ගෙන් 85%ක් තෝරා ගත්තේ ප‍්‍රතිවාදී අපේක්ෂකයා. ඒකෙන් පේන්නේ ජිනීවා යෝජනාව අනුව පසුගිය ආණ්ඩුව විසින් කි‍්‍රයාත්මක කළ වැඩපිළිවෙළ නිසා තිබුණු සංහිඳියාවත් නැති වුණා කියන එකයි. ඒ විනාශකාරී ජාතිවාදී වැඩපිළිවෙළේ තවදුරටත් ඉදිරියට යන්න බැරි නිසා අපි ජිනීවා යෝජනාවෙන් ඉවත් වෙන්න තීරණය කළා.

එරික් ගාමිණී ජිනපි‍්‍රය
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles