Divaina - වැඩ නැවතී තිබූ සියලූ බලාගාරවල ඉදිකිරීම් අරඹනවා

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

re9 3- අධික මිල ගණන්වලට අත්සන් කළ සියලූ ගිවිසුම් අවලංගු කරනවා

- රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ

පසුගිය වසර පහක කාලයක් වැඩ නැවතී තිබූ සියලූ බලාගාරවල ඉදිකිිරීම් ලබන මාර්තු මාසයේ ආරම්භ කරන බවත්, හිටපු විදුලිබල ඇමතිවරයාගේ කාලයේ අධික මිලට අත්සන් කළ සියලූ ගිවිසුම් අවලංගු කරන බවත් විදුලිබල රාජ්‍ය ඇමැති ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රකාශක මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය.

විදුලිබල අමාත්‍යාංශයේ ඊයේ (26දා) පැවති මාධ්‍ය හමුවේදී මේ බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් පොරොන්දු වලින් රැුසක් මාස තුනක් වැනි ඉතා කෙටිකාලයක් තුළ ඉටුකර තිබෙනවා. වතු කම්කරුවන්ට රුපියල් 1000 දක්වා වැටුප් වැඩිවීමක් ලබාදෙන බවට දුන් පොරොන්දුව අනුව මාර්තු 1 වැනිදා සිට එම වැඩිවීම ලබාදෙනවා. ඒ වගේම දිළිඳු පවුල් ලක්ෂයකට රැුකියා ලබාදෙන බවට දුන් පොරොන්දුව අද දිනයේ සිට දිවයිනේ සියලූ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී එම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා. ඉල්ලූම් කළ සියලූ දෙනා සම්මුඛ පරීක්ෂණයන්ට කැඳවනවා. ලක්ෂ හතරක් පමණ මේ සඳහා ඉල්ලූම්කර තිබෙනවා. මේ අයට මාර්තු 15 වැනිදාට පෙර රැුකියා ලක්ෂය ලබාදීම සිදුකෙරෙනවා.

ඒ වගේම උපාධිධාරීන් 56,000 කට රැුකියා ලබාදීමට අයදුම්පත් කැඳවූවා. ඔවුන් සඳහා සම්මුඛ පරීක්ෂණ එන සතියේ පවත්වා ඒ අයටත් රැුකියා ලබාදෙනවා. එමෙන්ම පසුගිය රජය සියයට සීයයකින් බදු ආදායම ඉහළ දැමුවා. මේ නිසා ජනතාවට උහුලන්න බැරි ලෙස බදු වැඩිවී ජනතාව දැඩි අපහසුතාවට පත්වුණා. අපේ ආණ්ඩුව ඒ සියලූ බදු අඩුකළා.

පාඨලී චම්පික මන්ත‍්‍රීවරයා කියා තිබුණා කැසිනෝකාරයන්ට මහාපරිමාණ වංචාකාරයන්ට බදු අඩුකළා කියා. අපිට කැසිනෝ කාරයන්ට බදු අඩුකිරීමේ කිසිම වුවමනාවක් නැහැ. අපි සියයට 15 ක්ව තිබූ වැට් බද්ද සියයට 8ක් දක්වා අඩුකළා. සියයට 2ක් තිබූ තවත් බද්දක් සම්පූර්ණයෙන් ඉවත් කළා. මේ ආදී වශයෙන් බදු සහන රැුසක් ජනතාවට ලබාදුන්නා. මේ බදු අඩු කිරීම නිත්‍යානුකූල නැතැයි විපක්ෂය කියනවා. කැබිනට් තීන්දුවකින් මේ බදු අඩුකළේ. ඒ නිසා ඒ පිළිබඳව ගැටලූවක් නැහැ.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මුද්‍රණය කළේ අර්ජුන් ඇලෝසියස්ගේ මුද්‍රණාලයෙන් ඒ නිසා මොනම හේතුවකටවත් අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගන්නේ නැහැ කියලා චම්පික ප‍්‍රකාශකර තිබුණා. අපි ඔහුට කියනවා එය ඔප්පු කළොත් ආණ්ඩුව ඒ වගකීම භාරගන්නවා කියලා. අර්ජුන් ඇලෝසියස්ගේ මුද්‍රණාලයකින් කිසිදු පත‍්‍රිකාවක් අපිි මුද්‍රණය කර නැහැ. අපේ ආණ්ඩුව ඔහුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරනවා. ඔහු රකින්න අපට වුවමනාවක් නැහැ.

මිග්යානා ගනුදෙනුව, ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූවන් සම්බන්ධයෙන් පසුගිය අවුරුදු පහේ නීතිය ක‍්‍රියාත්මක කිරීමට බැරිවුණා. නමුත් අපේ ආණ්ඩුව බලයට පත්ව තමන්ගේ කාලයේ වැරදි කරපු අයට දඩුවම් දෙනවා. ඉතිහාසයේ කවද්ද මෙහෙම කළේ. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආණ්ඩුකාලේ ආණ්ඩුවේ ඇමතිවරු බිලියන 1500ක් වංචා කළ බවට යහපාලන ටොප් ටෙන් කම්බහොරු කියලා අපි අල්ලස් කොමිසමට පැමිණිලි කළා. ඒ එකක් පිළිබඳ පරීක්ෂණයක් කළාද? ඒ කිසිදු පරීක්ෂණයක් කිරීමට රනිල් ගේ ආණ්ඩුව කටයුතු කළේ නැහැ. නමුත් ගෝඨාභය ජනාධිපතිවරයාගේ ආණ්ඩුව නීතිය කි‍්‍රයාත්මක කර තිබෙනවා. බැඳුම්කර වංචාවේ පළමු චූදිතයා වන්නේ හිටපු අගමැතිවරයා. අපි නීතියට ඇඟිලි ගසන්නේ නැහැ. නීතිපතිවරයා නඩුදාන්න ඕන. බැඳුම්කර සිද්ධියේ සැබෑ චූදිතයන්ට නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස අපි නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය වසර 5ක කාලය තුළ එක විදුලි ඒකකයක් ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට හිටපු ඇමතිවරු කටයුතු කර නැහැ. ඔවුන් විදේශ සමාගම්වලින් මහාපරිමාණ ලෙස කොමිස් ලබාගෙන විවිධ ව්‍යාපෘති සඳහා කැබිනට් අනුමැති ලබා ගැනීමයි කර තිබෙන්නේ. එක මෙගවොට් එකක් ජාතික විදුලි පද්ධතියට එකතුකර නැහැ. මේ නිසා අපට මෙගවොට් 100 ක හදිසි මිලදී ගැනීමක් කිරීමට සිදුවුණා. කිසිසේත් විදුලි කප්පාදුවක් ඉදිරියේදී අප කරන්නේ නැහැ. අවුරුදු පහක් නතර කර තිබූ සියලූ බලාගාරවල වැඩ මාර්තු ආරම්භ කරනවා. රවි කරුණානායක හිටපු ඇමතිවරයාගේ කාලේ අධික මිලට අත්සන් කළ සියලූ ගිවිසුම් අවලංගු කරනවා.

ශ‍්‍රීලනිපයත් සමග එජාපය ආණ්ඩු පිහිටුවන බව කීම දවල් සිහින දැකීමක් පමණයි. එජාපය කොටස් කිහිපයකට කැඩිලා. තවත් පක්ෂ රැුසක් අපත් සමග පෙරේදා වනවිට එක්වුණා. එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් අපි නියත ලෙසම තුනෙන් දෙකකට ආසන්න බහුතරයකින් මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ අගමැතිවරයා බවට පත්වෙනවා.

පුද්ගලික බැංකු තුනක් රජයට අයත් කොටස් තිබෙන බැංකු. මේ බැංකුවල සභාපතිවරු පසුගිය කාලයේ පත්කරපු අය තාම ඔවුන් ඉවත්වෙලා නැහැ. එජාපයේ සාගල රත්නායක මන්ත‍්‍රීවරයාගේ සහෝදරයෙක් එක් සභාපතිවරයෙක්. මේ අය ඉවත්කර ඇතත් තාමත් පුටුවේ ඉන්නවා. යන්නේ නැහැ. එම නිසා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් වහාම ඔවුන් ඉවත්කිරීමේ ලිපි යවා තිබෙනවා. එම ලිපියට ප‍්‍රතිචාර නොදැක්වුවහොත් ඔවුන්ට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කිරීමට සිදුවෙනවා. මේ අය ඉන්නේ නීතිවිරෝධී ලෙසයි.

අනුර බාලසූරිය
 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles