Divaina - මානව හිමිකම් ඉලක්ක ජයගැනීමට ශ‍්‍රී ලංකාව කැපවී කටයුතු කරනවා - දිනේෂ් ගුණවර්ධන ජිනීවා මානව හිමිකම් සැසිය අමතමින් කියයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

re9 2 ශ‍්‍රී ලංකා රජයේ සම අනුග‍්‍රාහකත්වයෙන් සම්මත කරන ලද යෝජනාවෙන් ඉවත්වන නමුත් තිරසාර සාමයක් සහ සංහිඳියාවක් සඳහා යන ගමනට අවශ්‍ය වගවීම සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ජනතාව ලබා දුන් ඉලක්ක ජය ගැනීම පිණිස ශ‍්‍රී ලංකාව තවදුරටත් කැප වන බව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.
 
 ඒ අනුව 2019 මාර්තු මස ශ‍්‍රී ලංකාවේ සම අනුග‍්‍රහයෙන් සම්මත කර ගන්නා ලද ‘‘සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය” මැයෙන් යුත් 40/1 යෝජනාවෙන් ඉවත්වීමට ශ‍්‍රී ලංකාව තීරණය කළ බව අමාත්‍යවරයා මානව හිමිකම් මණ්ඩලයට දැනුම් දුන්නේය.
 
 ඔහු ඒ බව දන්වා සිටියේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 43 වෙනි සැසිවාරය අමතමිනි.
 
 40/1 යෝජනාව තුළ 2015 ඔක්තෝබර් මස ඉදිරිපත් කළ 30/1 සහ 2017 මාර්තු මස ඉදිරිපත් කළ 34/1
 
 පූර්වගාමී යෝජනා මත පදනම් වී සහ එම යෝජනා ද අන්තර්ගත වී තිබේ.
 
 පළමුව රජයේ ප‍්‍රතිපත්ති රාමුව අනුගමනය කරමින් දැනට පවත්නා යාන්ත‍්‍රණ යෝග්‍ය පරිදි අනුවර්තනය කර ගැනීම ඇතුළු සියල්ල අන්තර්ගත, දේශීය වශයෙන් නිර්මාණය කර ක‍්‍රියාත්මක කෙරෙන සංහිඳියා සහ වගවීමේ ක‍්‍රියාදාමයක් ඔස්සේ තිරසාර සාමය ළඟා කර ගැනීමට ශ‍්‍රී ලංකා රජයේ ඇති කැපවීම ප‍්‍රකාශයට පත් කරන බවත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එහිදී කියා සිටියේය.
 
re9 1 මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය වීම් පිළිබඳ චෝදනා විමර්ශනය කළ පූර්ව ශ‍්‍රී ලාංකික විමර්ශන කොමිසම් වාර්තා සමාලෝචනය කිරීමටත්, ඒවායේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රගතිය තක්සේරුකොට නව රජයේ ප‍්‍රතිපත්තිය ප‍්‍රකාර ක‍්‍රියාත්මක කරනු පිණිස, ක‍්‍රියාත්මක කළ හැකි පියවර යෝජනා කිරීමටත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයකු යටතේ විමර්ශන කොමිසමක් පත් කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
 
 දෙවනුව 2030 තිරසර සංවර්ධන න්‍යායපත‍්‍රය ද ඇතුළු ශ‍්‍රී ලංකාව සතු බැඳීම්වලට ගැළපෙන ආකාරයකින්, නිසි ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා නෛතික ක‍්‍රියාදාම ඔස්සේ, මෙතෙක් නොවිසඳී ඇති ගැටලූ නිරාකරණය කිරීම හා අවශ්‍ය ආයතනික ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බවත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එහිදී කියා සිටියේය.
 
 ඔහු පවසන පරිදි, නීතිය යටතේ පුද්ගල හා සාමූහික අයිතිවාසිකම් මෙන්ම ආරක්ෂණ ප‍්‍රගමනය කිරීමෙන් ද, යුක්තිය හා සංහිඳියාව සහතික කිරීමෙන් හා සමාජයේ සිටින අනතුරට භාජනය විය හැකි කොටස්වල ගැටලූවලට විසඳුම් ලබාදීමෙන් ද, ජනතාව කෙරෙහි රජය තුළ ඇති කැපවීමෙන් පැනනැෙඟන ප‍්‍රතිපත්ති යහපත් චේතනාවෙන් යුතුව ප‍්‍රදර්ශනය කිරීම ද ඊට ඇතුළත් වේ.
 
 2030 තිරසර සංවර්ධන න්‍යායපත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම සඳහා ශ‍්‍රී ලංකා ආණ්ඩුවට උපකාර කරනු වස් එක්සත් ජාතීන්ගේ අදාළ ආයතන සම්බන්ධ කර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරිය අතර පසුගියදා පැවති සාකච්ඡුාවේදී එකඟ වූ බවත් ඇමතිවරයා සිහිපත් කළේය.
 
 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යවල සහයෝගය ඇතිව යෝජනා සම්මතය අවසන් කිරීමට කටයුතු කිරීම සඳහා ශ‍්‍රී ලංකාව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles