Divaina - 2013 සිට 2015 දක්වා ඩොලර් මිලදී ගැනීමෙන් මහින්ද රාජපක්ෂ කෝටි 7100 කට වැඩි පාඩුවක් සිදුකළා - පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

re13 22013 සිට 2015 දක්වා කාලය තුළ ඩොලර් මිලදී ගැනීමට සලස්වා ඒවා මහ බැංකුවේ තැන්පත් කිරීම තුළින් රුපියල් කෝටි 7100 කට වැඩි මුදලක පාඩුවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකර ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක් අබේසිංහ මහතා පැවසීය.

එහිදී මහ බැංකු අධිපති වූ අජිත් නිවාඞ් කබ්රාල් මහතා උපදේශකයන් තුන් දෙනෙක් කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් තොරව බඳවාගෙන කෝටි 139 ක් වසරකට ඔවුන්ට ගෙවා ඇති බවත් හෙතෙම කීය.

විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (26දා* පැවැති මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කියා සිටියේය.

වත්මන් ආණ්ඩුව දැන් බලයට පත්වෙලා දින සියයක් ගත වෙලා අවසන්. මේ දින සියය තුළ රටේ ජනතාව බලාපොරොත්තු වූ වෙනස ඇති වෙලාද කියලා දැන් අහන්න කාලය ඇවිත් තිබෙනවා. 2015 ජනවාරි 08 දා මෛති‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති වූ පසුව පිහිටුවූ සුළුතර ආණ්ඩුව දින සියයක් ප‍්‍රකාශයට පත් කරලා ජනතාවට විවිධ සහන ලබා දුන්නා. නමුත් මේ ආණ්ඩුවට අනූවකට වඩා මන්තී‍්‍ර සංඛ්‍යාවක් ඉඳලාත් දැන් ප‍්‍රකාශ කරනවා අපිට තිබෙන්නේ සුළුතර රජයක් අපිට සහන ලබා දෙන්න බෑ කියලා. ඒ නිසා ජනතාව තේරුම්ගන්න ඕන මේ ආණ්ඩුවට වැඩ කරන්න බෑ කියලා.

ඒ වගේම අගමැති ඉන්දියාවට ගිහින් කියනවා අපිට ණය ගෙවන්න සහන කායක් ලබා දෙන්න කියලා. අපේ සමස්ත ණය ප‍්‍රමාණයෙන් අපි ඉන්දියාවෙන් අරන් තියෙන්නේ සියයට දෙකයි දශම ගණනක් වැනි ඉතා සුළු ප‍්‍රමාණයක්. මේ දින සියය තුළ රට ඉතා සීඝ‍්‍රයෙන් මිලිටරීකරණයට ලක්වෙමින් තිබෙනවා. ජනාධිපතිතුමා හමුදා නිලධාරියකු වශයෙන් කි‍්‍රයා කළා. ඒ වගේම මේ රජයේ දැන් ආරක්ෂක ලේකම්, වරාය සභාපති, රේගු අධ්‍යක්ෂ ජනරාල් වැනි ප‍්‍රබල තනතුරු හොබවන්නේ විශ‍්‍රාමික හමුදා නිලධාරීන්. මේ වනවිට රථවාහන හැසිරවීමටත් හමුදා නිලධාරීන් යොදවා තිබෙනවා. ඒ වගේම බන්ධනාගාර කොමසාරිස් විදිහට හමුදා නිලධාරියෙක් පත් කරන්න යනවලූ. මේ තත්ත්වය තුළ රට මිලිටරීකරණය කිරීමකට ලක්වෙනවා.

දැන් ගුරුවරු සහ විදුහල්පතිවරු වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කරනවා. පසුගිය අපේ රජය කාලේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 10000කින් වැඩි කර එය අදියර හතරක් වශයෙන් ලබා දුන්නා. ඒ අනුව ඔවුන්ගේ මූලික වැටුප සියයට එකසිය හතරකින් වැඩිකිරීමට අපි කි‍්‍රයා කළා. ඒ වගේම අපි විශ‍්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාව විසඳන්න කි‍්‍රයා කළා. ඔවුන්ගේත් වැටුප් රුපියල් 2000 සිට 24000 දක්වා වැඩි කරන්නත් කි‍්‍රයා කළා. නමුත් තවමත් ඔවුන්ගේ වැටුප් පිළිබඳ විෂමතාවක් පවතිනවා. එය විසඳීමට මේ ආණ්ඩුව කි‍්‍රයා කළ යුතුයි.

විධායක නිලධාරීන් විසිපන්දාහක් පමණ මේ රටේ සිටිනවා. අපි ඔවුන්ට රුපියල් 25000 ක අන්තර් කාලීන දීමනාවක් ලබාදීමට සූදානමින් සිටියේ ජනවාරි 01 දා සිට. හිටපු ජනාධිපතිවරයා ඒ පිළිබඳ කමිටුවක් පත්කළා. මමත් එහි සාමාජිකයෙක්. අපි අත්සන් කර දුන්නා රජයේ විධායක නිලධාරීන්ට ජනවාරි 01 දා සිට එම මුදල ලබා දෙනවා කියලා. මේ වගේ සහන අපි ලබා දුන්නා. සජිත් පේ‍්‍රමදාස මහතා සමෘද්ධි දීමනාව වැඩි කිරීමට කි‍්‍රයා කළා. එහෙම නොකළා නම් දැනට තිබෙන ජීවන මිල අනුව සමෘද්ධි නිලධාරීන්ට මොකද වෙන්නේ කියලා සිතිය යුතුයි. අද වනවිට ගුරුවරු සහ විදුහල්පතිවරු වැඩ වර්ජනයක් කි‍්‍රයාත්මක කරන්නේ අපේ රජය විසින් ඔවුන්ගේ වැටුප් විෂමතාව විසඳීමට ගත් කි‍්‍රයාමාර්ග මේ රජය කි‍්‍රයාත්මක නොකිරීම හේතුවෙනුයි.

අපි එදා ඔවුන්ට පොරොන්දු වුණා ඒ වැටුප් විෂමතාව ඉවත්කරනතුරු රුපියල් 3000 ක අන්තර්කාලීන දීමනාවක් දෙනවා කියලා. අපි ගුරු සේවය සංවෘත සේවයක් බවට පත්කරන්නත් යෝජනා කළා. එම යෝජනා කි‍්‍රයාත්මක නොකරන නිසා තමයි ඔවුන් මේ වැඩ වර්ජනය කි‍්‍රයාත්මක කරන්නේ. ඒ නිසා අද වනවිට පාසැල් අකර්මන්‍ය වෙලා. විශා‍්‍රමිකයන් අද උද්ඝෝෂණ කරනවා. ඒ වගේම ආබාධිත රණවිරුවන්ගේ ප‍්‍රශ්නය. ඒ අය කොටුවේ උපවාසයක් කළා. ඒ අවස්ථාවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා

ගිහින් යම් පොරොන්දු වගයක් දුන්නා. ඒ්ත් තවමත් ඒවා ලබා දීලා නෑ. එදා අපි හතලිස් ගණනක් හිටිය අපේ සුලූතර ආණ්ඩුව රජයේ සේවකයන් දාහතර ලක්ෂයකට රුපියල් 10000 කින් පඩි වැඩි කළා. විශ‍්‍රාමික වැටුප් වැඩි කළා. මහපොළ දීමනාව වැඩි කළා. ආබාධිත දීමනාව, වැඩිහිටි දීමනාව දෙතුණයකින් වැඩි කළා. ගර්භණී මාතාවන්ට රුපියල් 2000 බැගින් මාස 10කට පෝෂණ මල්ලක් දුන්නා. ලක්ෂ 45ක පාසැල් සිසුන්ට සිසු රක්ෂණයක් ලබා දුන්නා. ස්වාමීන් වහන්සේලා සියලූම දෙනා රක්ෂණය කළා. ඒ විහාරස්ථාන දියුණු කරන්න කටයුතු කළා. දාගැබ් නැති විහාරස්ථානවලට අපි දාගැබ් ලබා දීමට කි‍්‍රයා කළා.

විදුලි බිල අඩු කළා. ඉන්ධන මිල අඩු කළා. මේ දිනවල ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අඩු වෙලා තිබෙද්දි මේ ආණ්ඩුවට තවමත් ඉන්ධන මිල අඩු කරගන්න බැරිවෙලා තිබෙනවා. අද වනවිට ජනතාව කබලෙන් ලිපට වැටෙන තත්ත්වයක් තිබෙන්නේ. එදා අපි සුළුතර ආණ්ඩුවක් වුණත් ජනතාවට කොපමණ සහන ලබා දුන්නාද. ඒත් මේ ආණ්ඩුව මොනවාද කළේ. දැන් දින සියයක් ගතවෙලාත් තිබෙනවා. ඒ නිසා අද රටේ සියලූම අංශ අසරණ වෙලා තිබෙනවා. සහල්, පොල්, එළවළු මිල ගණන් අද කොහොමද ජනතාව මේවා ගැන කල්පනා කරාවි.

මේවායින් අද ජනතාව පීඩනයට ලක්වීම වැළැක්වීමට අපි ජාතික සමගි ජන බලවේගය හදලා තිබෙනවා. මේ වටා එක්වෙන්න කියලා අපි ජනතාවට කියනවා. මේ වන විට ජිනීවා මානව හිමිකම් ප‍්‍රශ්න ඇවිත් තිබෙනවා. අපි එදා ජී.එස්.පී සහනය නැවත ලබා ගත්තා. විදුලි පුටුවෙන් රට ගලවගත්තා. ඒත් මේ අය ආගම්වාදය, ජාතිවාදය පතුරවලා ඡුන්ද ලබා ගන්න බලාපොරොත්තු වෙනවා.

මේ ආණ්ඩුවේ පසුගිය හොරකම් දැන් එළිවෙනවා. මිග්යානා ගනුදෙනුව, එයාර් බස් ගනුදෙනුව ගැන දැන් තොරතුරු හෙළිවනවා. එමගින් ගහපු කොමිස් දේශපාලනඥයන් තුන් දෙනෙකුට සහ එක් ව්‍යාපාරිකයකුට ගිහින් තිබෙනවා. අපේ කාලයේ මහ බැංකුව මහ දවල් කොල්ල කෑවා කියලා චෝදනා කළා. ඒත් මහින්ද ගේ කාලයේ දිවා ? දෙකම මංකොල්ල කාලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මුදල් ඇමැතිවරයාගේ කාලයේ තමයි මහ බැංකුවට වැඩිම හානිය වෙලා තිබෙන්නේ. 2013,2014,2015 කාලයේදී. ඒ කාලයේ ලංකාවේ ඩොලර් හිඟයක් තිබුණා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතා සෑම බැංකුවකටම ඩොලර් ණයට ගන්න පුළුවන් කියලා තීන්දුවක් ගත්තා. එහෙම කරලා බැඳුම්කර සහ බිල්පත් විදිහට තැන්පත් කරන්න සැලැස්සුවා. නමුත් මෙයින් පාඩුවක් තමයි සිද්ධවුණේ කෝටි 7100ක පාඩුවක් රටට සිද්ධවුණා කියලා මම කියනවා ඉතාම වගකීමෙන්. 2013 දී කෝටි 2200 කට වැඩි ප‍්‍රමාණයක්. 2014 දී කෝටි1700 කට අධික ප‍්‍රමාණයක්. 2015 දී කෝටි 3100 කට වැඩි ප‍්‍රමාණයක්. මේ විදිහට ලංකා ඉතිහාසයේ මහ බැංකුව ඉතා විශාල පාඩුවක් ලැබුවා.

ඒ අවස්ථාවේදී අජිත් නිවාඞ් කබ්රාල් මහතා උපදේශකයන් තුන් දෙනෙත් ගෙන්වා ගත්තා කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් නැතුව. ඒ අයට කෝටි 139 ක් අවුරුද්දට ගෙවලා තිබුණා. ඒ එක් අයකුට කෝටි 04 කට ආසන්න මුදලක් මාසික වැටුප වශයෙන් ගෙවලා තිබෙනවා. මේවා දැන් එළිවෙනවා.

හෙල්පින් හම්බන්තොට අරමුදලට කෝටි විසිදහසකට වැඩි මුදලක් ආධාර වශයෙන් ලබා දුන්නා. එයින් භාගයයි අපිට ලැබුණේ. එයිනුත් කෝටි 6830 යි වියදම් කරලා තියෙන්නේ. කෝටි පන්දහස් ගණනකට වෙච්ච දෙයක් නෑ. හෙල්පින් හම්බන්තොට වංචාව කියන්නේ මේකට.

අපේ රජය බලයට ඇවිත් මේවාට දඬුවම් දෙන්න බැරිවුණා. අපේ ඞීල් දේශපාලනය නිසා මේ අය බේරුණා. නමුත් මේ අය දැන් බලයට ඇවිත් කියනවා අපිට හොරු කියලා. එදා රන්ජන් රාමනායක මහතා කිව්වා බාර් පර්මිට් තිබෙන සියයක්, එතනෝල් ගෙන්වන හැත්තෑපහක්, කුඩු ගෙන්වන අය දෙන්නෙක්, වැලි පර්මිට් තිබෙන අය, රේස් බයි රේස් කරන එක්කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා. මේ ගණන් එකතු කළාම එකසිය අසූ හතරක්. මම කියනවා ඊළඟ මැතිවරණයේදී ජනතාව මේ අය හඳුනාගෙන ඒ අයට ඡුන්දය දෙන්න එපා කියලා.

අපි පිරිසිදු දේශපාලනඥයන්ගෙන් යුතුව දැන් සමගි ජන බලවේගය හදලා තිබෙනවා. පාර්ලිමේන්තුව විසුරවලා සතියක් ඇතුළත අපේ ලකුණ මොකක්ද කියලා හෙළි කරනවා. අපි එහිදී 113 කට වඩා ආසන ලබා ගෙන ජනතා සහන අපි නැවතත් ලබා දීමට කි‍්‍රයා කරනවා.

අකිත පෙරේරා
 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles